CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Gangs of Wasseypur – Part 1 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anurag Kashyap, Neeraj Ghaywan, Rohit Pandey, Shlok Sharma, Vicky Kaushal
Cast
Go Full Cast PageGangs of Wasseypur (2012) | වාසෙයිපූර් මැර සේනා
වාසෙයිපූර් කියන්නේ ඉන්දියාවේ මුස්ලිම් ගම්මානයක්. මේ ගම හරහා දුම්රිය මාර්ගය වැටිලා තියෙන්නේ. අධිරාජ්‍ය සමයේ බ්‍රිතාන්‍ය දුම්රීන් කොල්ලකන්න මේ ගමේ හිටපු “සුල්තානා” කියන පුද්ගලයා පුරුදු වෙලා හිටියා. මේ ගමේ හිටියා “ශාහිඩ් ඛාන්” කියලා තවත් බොහොම හැඩි දැඩි තරුණයෙක්. එයාත් දුම්රිය කොල්ල කන්න පටන් ගත්තා. සුල්තානා මේකට කැමති වුනේ නැහැ. සුල්තානා “කුරේශි” කියන මස් මාංශ වෙළදාම් කරන කුලයකට අයත් කෙනෙක්. ශාහිඩ් ඛාන් “පථාන් ” කුලයේ. කුරේශි වරුන්ගේ විරෝධය එල්ල වුණත් ශාහිඩ් ඛාන් දුම්රිය කොල්ල කන එක නැවැත්වුයේ නැහැ, මේ නිසා දවසක් කුරේශි වරුන් විසින් ශාහිඩ්ගේ මිනිස්සු සමූල ඝාතනය වෙනවා. මේකෙන් බේරෙන්නේ ශාහිඩ් හා නසීර් කියලා ඔහුගේ සේවකයෙක් විතරයි. ගම් සභාව මැදිහත් වෙලා ශාහිඩ් ට ගමෙන් පිට වෙන ලෙස අණ කරනවා.
ශාහිඩ් තම බිරිඳ හා නසීර් සමඟ “ධන්බාද්” වලට එනවා. “ධන්බාද්” ගල් අඟුරු වලට ප්‍රසිද්ධ පලාතක්. ශාහිඩ් ඛාන්ගේ බිරිඳ දරුවා ලැබීමේදී මිය යනවා. මෙන්න මේ කාලයේදී තමයි ඉන්දියාවට නිදහස ලැබෙන්නේ. ගල් අඟුරු ආකර ස්වදේශිකයන් අතට පත් වෙනවා. ශාහිඩ් වැඩ කරන ආකරයේ කොන්ත්‍රාත්තුව ගන්නේ රාමදීර් සින්හ්, ශාහිඩ් මෙයාගේ ලඟම සේවකයා වෙනවා. කවදා හරි රාමදීර්ව මරලා ආකරය අයිති කරගන්න අදහසක් ශාහිඩ්ට ඇති බව රාමදීර් දැන ගන්නවා. රාමදීර් ඔහුව බෙනාරාසි පිටත් කරලා රහසේ මරලා දානවා. රාමදීර් ශාහිඩ් ගේ අදහස දැනගෙන ඇති බව දැන ගන්න නසීර් ශාහිඩ්ගේ පුතු සර්දාර්ව අරගෙන පැනලා යනවා. පස්සේ රාමදීර් ඇමති කෙනෙක් බවට පත් වෙනවා.
මේ සර්දාර් ඛාන්, ශාහිඩ් ඛාන් පුත්‍රයා, අස්ගර් කියන නසීර්ගේ ඥාති පුතෙක් එක්ක හැදී වැඩෙනවා. දවසක සර්දාර්, නසීර්ගෙන් සිය පියා ගැන විමසනවා. ඔහුව රාමදීර් එක්කන් ගොස් මරා දැමු බව නසීර් කියනවා. තමන්ගේ තාත්තා මරපු පළිය ගන්න තුරු කොන්ඩේ වවන්නේ නැති බවට තමන්ටම පොරොන්දු වෙන සර්දාර් හිස මුඩු කර ගන්නවා. සර්දාර්, අස්ගර්, නසීර් එකතු වෙලා කරන මැරකම්, චන්ඩිකම්, හොරකම්,භීෂණ අතරේ මේ චිත්‍රපටිය ගලාගෙන යනවා. බස් කොන්දොස්තර වරයෙක් සිට වාසෙයිපූර් පාතාල රජු බවට පත් වන සර්දාර් තම පියාව වාසෙයිපූර් වලින් එලවපු කුරෙශිවරුන්ගෙන් හා ඔහූව මරා දැමු රාමදීර් එරෙහිව ක්‍රියා කරනවා. කියමන්ක් තියෙනවා “හතුරාගේ හතුරා, තමන්ගේ මිතුරා” කියලා. ඒ වගේ රාමදීර් කුරේශිලා එක්ක එකතු වෙනවා. සර්දාර්ට තම පළිය ගන්න පුළුවන් වෙයිද කියලා බලන්න චිත්‍රපටිය නරඹන්න කියලා මම හැමෝන්ගෙන්ම ඉල්ලනවා. ඒ වගේම ලංකාවේ අපේ කට්ටිය දන්න කියන කෙනෙක් තමයි ෆිල්ම් එක ආරම්භයේදීම ඉන්නේ, කොරියන් දියණිවරු එන්න කලින් මෙයා තමයි ලංකාවේ ගොඩක් කාන්තාවන්ගේ පරමාදර්ශය වෙලා හිටියේ, ෆිල්ම් එක බලලම කවුද කියලා හොයාගන්නකෝ…




