EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කෝට් එකේ ගෝට්

2026 වසරේ තිරගත වීම අරඹලා ඩිජිටල් රිලීස් වුණ ගමන් උණු උණුවෙන්ම් “GOAT” අරගෙනයි අද ඇවිත් ඉන්නේ. මේ GOAT කියන්නේ Sony Pictures Animation වලින් අළුතින්ම රිලීස් කරපු නිර්මාණය. Spider-Man: Across the Spider-Verse වගේ සුපිරි නිර්මාණ කරපු ශිල්පීන්ගේ සහ සුප්‍රකට පැසිපන්දු ක්‍රීඩක Stephen Curry නිෂ්පාදනයෙන් හැදුණු මේ ෆිල්ම් එක, සාමාන්‍ය ක්‍රීඩා චිත්‍රපටයකට වඩා ගොඩක් වෙනස්, නැවුම් අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න සමත් වෙලා තියෙනවා.
මේ කතාව ගෙතිලා තියෙන්නේ සත්තුන්ගෙන් පිරුණු ලෝකයක ක්‍රීඩා කරන Roarball කියන භයානක සහ අති වේගවත් ක්‍රීඩාව වටායි. මේ ක්‍රීඩාව හරියට බාස්කට්බෝල් වගේ වුණාට, කෝට් එක ඇතුළේ තියෙන පරිසරය එකපාරටම වෙනස් වෙන, ගොඩක් දරුණු ක්‍රීඩාවක්. මේකේ ආධිපත්‍යය දරන්නේ රයිනෝසිරස්ලා, කොටියෝ, අශ්වයෝ වගේ “Bigs” ලා හෙවත් විශාල සතුන්. හැබැයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන Will Harris කියන්නේ “Sm…
ඉතින් විල්ට මේ ක්‍රීඩාවේ OG කණ්ඩායමක් වෙන Vineland Thorns එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලැබුණත්, එතනින් එහාට එයාට ලොකු අභියෝග ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කණ්ඩායමේ ඉන්න කළු පැන්තර් කෙනෙක් වෙන ජෙට්, රයිනෝ කෙනෙක් වෙන ආචී, පැස්බරා වෙන ඔලිවියා, කමෝඩෝ මකරෙක් වෙන මෝඩෝ, සහ කණ්ඩායමේ පුහුණුකරු ඩෙනිස් වගේ එකිනෙකට වෙනස් විදිහේ චරිත එක්ක එකතු වෙලා වැඩ කරන එක ලේසි වෙන්නේ නම් නෑ. කණ්ඩායමේ අයිතිකාරිය වෙන ෆ්ලෝ වගේ අයගෙන් එන පීඩනයත් එක්ක මේ ගමන තවත් අමාරු වෙනවා. ඒත් තමන්ගේ උස හරි ශරීරයේ ප්‍රමාණය හරි දක්ෂතාවයට බාධාවක් නෙවෙයි කියන එක විල් මුළු ලෝකෙටම ඔප්පු කරලා පෙන්නනවා. “Smalls can ball” (පොඩි අයටත් සෙල්ලම් කරන්න පුළුවන්) කියන තේමාව ඔස්සේ, ප්‍රතිවාදී කණ්ඩායමේ තරුව වෙන මේන් කියන දැවැන්ත අශ්වයා වගේ අය එක්ක හැප්පිලා, කණ්ඩායමක් විදිහට එකතු වුණාම ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන් කියන එක මේ චිත්‍රපටයෙන් හරිම ලස්සනට නිරූපණය කරනවා.
​කොහොමහරි මේක ඇනිමේෂන් එකක් හින්දා පොඩි අයත් බලන නිසා කතාව සීරියස් වෙන්නත් එක්ක ඉංග්‍රීසි භාෂාවේ සමහර වචන වෙනස් කරලා හරි උපක්‍රමශීලී වැඩ කරලා තියනවා.

Comments