EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
අන්ධ විශ්වාසයන් නිසා පවුලකට වූ විනාශය
නවීන් චන්ද්‍රාගේ ප්‍රධාන රංගනයෙන් හැඩගැන්වෙන “Honey” (2026) යනු මෑතකදී තිරගත වූ තෙළිඟු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. කරුණා කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය, හුදු භූත කතාවකට වඩා මිනිස් මනසේ ඇතිවන බිය සහ අන්ධ විශ්වාසයන් නිසා පවුලක් විනාශය කරා ඇදී යන ආකාරය කදිමට නිරූපණය කරයි.
කතාව ගෙතී ඇත්තේ ආනන්ද් (නවීන් චන්ද්‍රා) නම් මූල්‍යමය ගැටළු රැසකට මුහුණ දී සිටින, රැකියා විරහිත මැදිවයස් පුද්ගලයෙකු වටා යි. තම ආර්ථික ප්‍රශ්නවලින් මිදීම සඳහා පීඩනයට පත්වන ඔහු, යන්ත්‍ර මන්ත්‍ර සහ අද්භූත ශාස්ත්‍රයන් කෙරෙහි දැඩි ලෙස විශ්වාස කිරීමට පටන් ගන්නවා. මෙම අන්ධ විශ්වාසය කෙතරම් දුරදිග යනවද කිව්වොත්, ඔහු තම බිරිඳ වන ලලිතා සහ කුඩා දියණිය මීරා ව ද මෙම භයානක තන්ත්‍රික වත්පිළිවෙත් වලට සම්බන්ධ කරගැනීම සඳහා හුදෙකලා නිවසකට රැගෙන යනවා. ක්‍රමයෙන් ආනන්ද්ගේ මානසිකත්වය පිරිහී යද්දී, කුඩා මීරා “හනී” නම් අද්භූත ආත්මයක් සමඟ සන්නිවේදනය කිරීමට පටන් ගන්නවා.





