EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ආයුබෝවන් යාළුවනේ ඔන්න අද මම අරගෙන ආවේ මම කලින් උපසිරැසි කරපු HOTS POT පළවෙනි චිත්‍රපටයේ දෙවෙනි කොටස වුණ HOT POT 2 Much චිත්‍රරපටයට උපසිරැසි අරගෙනයි ඉතින් මේකත් නිකුත් වෙන්න දෙමළ සිනමාවෙනි 2026 ජනාවාරි 23 වන දිනයි
මේකත් පැය දෙකක කාලයක් වටා ගෙතන කතාවක් ඉතින් පළවෙනි කතාවෙදී Hotspot බලපු අය දන්නවා නිෂ්පාදකයෙකුයි අධ්‍යක්ෂයෙකුයි අතර චිත්‍රපටයකට අදාළ කතා කිහිපයක් සංවාදයක ආකාරයකින් ගොඩ නැගුණ කතාවක් කියලා ඉතින් මේ hots pot 2 much දෙවෙනි කතාවෙත් ඒ වගේමයි හැබැයි මේකේ ඉන්නේ අධ්‍යක්ෂිකාවක් තමයි එයාගේ Hots pot 2 much එකට අදාළ කතා කිහිපය සංවාදයක ආකාරයකින් කියන්නේ
ඉතින් මේකෙත් පළවෙනි කොටසේ වගේ චිත්‍රපටියකින් චිත්‍රපටි තුනක් ගැන කතාකරනවා පළවෙනි කතාවේදී ධාධා හා රාසා කියලා නළුවෝ දෙන්නෙක් වටා එකතු වුණ රසිකයන් අතර තමන් ආදරේ කරන නළුවා තමයි දක්ෂතම කියලා රසික දෙපිරිසක් අතර සිදුවෙන රණ්ඩුවක් ගැනයි කියන්නේ
මේකේ දෙවෙනි කතාවෙනි කියන්නේ තාත්තා කෙනෙකුයි තමන්ගේ දුවයි අතර සිදුවෙන කතාවක් තමයි කියන්නේ ඉතින් මේකේ මේ අවුරුදු තුනක් කොරෝනා වසංගතය නිසා හිරවෙලා හිටපු දුව ආපහු තමන්ගේ මව්බිම වුණ ඉන්දියාවට ආවට පස්සේ එහේ සංස්කෘතියට හැඩගැසුණ දුවගේ හැසිරීම් ගැන තර්ක කරන තාත්තායි දුවයි අතරෙයි රණ්ඩුවක් තමයි කියවෙන්නේ
තුන්වෙනි කතාව තමයි ලස්සනම හා හැඟීම්බරම කතාව මොකද මේක අනාගතයෙ ඒ කියන්නේ 2050 අවුරුද්දේ ඉන්න කෙල්ලෙකුයි 2025 අවුරුද්දේ ජීවත් වෙන කොල්ලෙකුයි අතර වැරදී දුරකථන ඇමතුමක් නිසා ඇතිවෙන ආදරයක් ගැනයි කියවෙන්නේ ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් hots pot පලවෙනි කොටස බැලුවා නම් Hotspot 2 much චිත්‍රපටියත් බලන්න කියලා මොකද තව තුන් වෙනි කොටසකුත් එනවා

Comments