EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
How to Train Your Dragon (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageHow to Train Your Dragon (2010) | ඔබේ මකරාව පුහුණු කරගන්න…
මේ කියන්න යන්නෙ මෑතකදි නිකුත් වුණ ත්‍රිමාණ පරිගණක සජීවීකරණ වලින් නිර්මාණය වුණ හොඳම චිත්‍රපටිය ගැනයි. මේක ලෝකෙ බොහොම දෙනෙක්ට හොඳ වෙලා තියෙන බව තේරෙන්නෙ IMDb හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 177 වෙනි තැනට 2010 මාර්තු 10 වෙනිදා ඉඳන් අද දක්වා කෙටි කාලය ඇතුලත පත්වෙලා තියෙන නිසයි.
කතාව ඇරඹෙන්නෙ Hiccup කියන නව යොවුන් වයසෙ ඉන්න වයිකිං ගැටයගෙන්. මෙයාලගෙ බර්ක් කියන දිවයිනට තියෙන ලොකුම තර්ජනය තමයි මකරු. හරියට අපේ රටේ මදුරු තර්ජනේ වගේ මෙයාල තඩි මකරුන්ගෙ ප්‍රහාර වලින් පීඩා විඳිනවා. ඉතිං මකරෙක් මරණවා කියන්නෙ මේ දිවයිනේ මාර වැඩක්. මරණ මකරගෙ වර්ගය අනුව තමයි සැලකිලි. නිකං සුපර් ස්ටාර් වගේ 😛 රටේ තරුණ ළමයි පුංචි කාලෙ ඉඳන් පුරුදු වෙන්නෙත් මකරු මරන්න තමයි. නමුත් වැඩේ කියන්නෙ අපේ හිකප්ට මකරු මරණ වැඩේ අල්ලන්නෙ නෑ. එයා ඒ වෙනුවට මකරු අල්ලන්න මැෂිමක් හදනව.
පළවෙනි ටෙස්ටිං එකෙන්ම එයා මකරෙක් අල්ලගන්නව. ඒත් ලේසි පාසු එකෙක් නෙවෙයි. පොත් පත්වල වත් විස්තර නැති අති භයානකම සහ විනාශකාරීම මකරෙක්. ඒ වුණට මේ හිකප්ට හම්බවෙන මකර හිතපු තරම් කළු නෑ. හිකප් මේ මකරව යාළු කරගන්නව. හොර රහසේ මෙයා එයාගෙ පිටේ නැගල රවුම් ගහනව. ඉතිං අන්තිමට මොනව වෙයිද? රටේ අනිත් කට්ටිය මේක දැනගත්තම මොකක් කරයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනව.
ලිපිය: හරේ සොහොයුරාගෙනි












