EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jang Joon-hwan, Kim Seong-sik, Yang Jin-mo
Cast
Go Full Cast PageHwayi : A Monster Boy (2013) | තාත්තල පස් දෙනෙකුගෙ මිනීමරු පුතා..
කොරියාව බියෙන් සලිත කල ” ඩේ බ්‍රේකර්ස් ” කල්ලිය රජකරගෙන හිටපු කාලයක් මේක. මේ කල්ලියේ ඉන්නව මැරයො පස් දෙනෙක්. හරිම ශූක්ෂම, දක්ෂ මිනීමරුවො පස් දෙනෙක්. මේ කල්ලිය දවසක් කුඩා දරුවෙක්ව පැහැර ගන්නව මුදල් ලබා ගැනීමේ අරමුනින්. හැබැයි අන්තිමේදි මේ ළමයව ඇති දැඩි කරන්න මෙයාල තීරණය කරනව. මේ කණ්ඩායමේ නායකයා සුක් ටේ.. මෙයා ළමයට කතා කරන්නෙ “හ්වයි” කියල. හ්වයි මේ පස් දෙනාට කතා කරන්නෙ “තාත්තා” කියලා.. ඉතින් කාලයත් සමග හ්වයිට දරුණු ඝාතකයෙක් වෙන්න අවශ්‍යය පුහුණුව මේ කල්ලිය ලබා දෙනවා. දවසක් හ්වයිවත් සහභාගී කරගෙන මේ කල්ලිය ගෙයක් මංකොල්ල කන්න යනවා. එතනදි හ්වයි දැනගන්නව එයාගෙ අතීතය ගැන වැදගත් තොරතුරක්. හ්වයි මේ තොරතුර පස්සෙන් ගිහිල්ල එයාගෙ ඇත්ත අම්මා තාත්තා හොයාගනියිද ? කවුද මේ ගෙදර හිටියෙ ? මේ වගේ දේවල් දැනගන්න නම් Hwayi : A Monster Boy බලන්නම වෙනවා..
IMDB 7 ක ඉතාම හොද ළකුණක් ගත්ත Hwayi : A Monster Boy චිත්‍රපටියෙ සියළුම නලු නිලියන් අති සාර්ථක රංගනයක නිරත වෙනව. ඒ නිසා පටන් ගත්ත තැන ඉදල අවසන් වෙනකන් එක දිගටම ඒ කුතුහලය චිත්‍රපටිය තුල රදවාගන්න චිත්‍රපටියෙ අධ්‍යක්ෂ Joon Hwan Jan සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක මගේ කැමතිම කොරියානු චිත්‍රපට 3 න් එකක් බවට නිතරගයෙන්ම පත්වෙලා අවසන්. ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නෙ. හ්වයිගෙ ගමන කොහෙන් කෙලවර වෙයිද කියල දැන්ම ගිහිල්ල බලන්න.



