CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
4760 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 22, 2023United States170 Min.
Your rating: 0
9.5 77 votes
John Wick: Chapter 4 (2023) | “ජොනතන් වික්”

(John Wick: Chapter 4 (2023) Sinhala Subtitles) (John Wick: Chapter 4 (2023) Sinhala Sub) (John Wick 4 (2023) Sinhala Subtitles) (John Wick 4 (2023) Sinhala Sub) (John Wick 4 (2023) Sinhala Subtitle)

John Wick – මේ දවස්වල සිනමාවේදීන් අතර වැඩියෙන් කතාබහ වෙන මාතෘකාවක්. ආදායම් වාර්තා තබමින් ලොව පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය වෙන John Wick: Chapter 4 ත්‍රාසය පිරි චිත්‍රපටයක්.

මුලින් ම කියන්න ඕනෙ, John Wick කියන්නේ නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි, මේ Johnathan නම් පුද්ගලයා නිදහස පතා කරන අරගලයක්. කතා මාලාවේ පළමු චිත්‍රපටයේ දී (John Wick 2014) “Job” එකෙන් විශ්‍රාම ගන්නා Johnව නැවත ඒ සමාජයටම ආයෙ ඇදල ගන්නවා. ඒකත් Godfather: Part IIIහි Michael Corleone කිව්වා වගේ, “Just when I thought I was out, they pull me back in”.

මේ Johnගේ චරිතය ටිකක් Clint Eastwood ගේ Dirty Harry වගේ. System එක ඇතුළෙ ඉද ගෙන එකෙ තියෙන දුර්වල තැන් පෙන්වා දෙනවා. මේ ක්‍රියා අතරතුර ඔහුට වාරණ වලට යටත් වෙන්න සිදු වෙනවා. Wick භාෂාවෙන් කියනවා නම් ඔහු “excommunicado”කෙනෙක් වෙනවා. නමුත් ඔහු වැඩ නවත්තන්නේ නෑ.

අවුරුදු 4ක නිහැඬියාවකින් පසු John Wick: Chapter 4 තිරගත වෙන්නේ පැය 2 විනාඩි 49ක් පුරා දිවෙන ප්‍රචණ්ඩත්වය පිරුණ කතාවක් සමගින්. Wick චිත්‍රපටයක රසිකයා බලාපොරොත්තු වෙන stunt choreography ප්‍රමිතියක් තියෙනවා. මේ ප්‍රමිතිය බිහි වීමේ රහස තමයි, චිත්‍රපටයේ අධ්‍යක්ෂක Chad Stahelski තම සිනමා දිවිය ආරම්භ කරන්නේ stunt actor කෙනෙක් විදියට. The Matrixහි Keanu Reevesගේ stunt double ලෙස ද ඔහු කටයුතු කළා. එක අතකින් බැලුවම ධාවනය වන වාහනවලට විසි වෙන මිනිස්සු, Sacré-Coeur හි පඩි පෙළ දිගේ පහලට වැටෙන Reevesගේ stunt doubleව දකින එකත් විනෝදයක්. චිත්‍රපටයේ ඇතුළත් දීර්ඝ combat scene තුළින් පෙනී යනවා මේ action maestro කෙනෙකුගේ වැඩක් බව. Johnගේ ජපානයේ මිතුරා Shimazu ලෙස Hiroyuki Sanada ද, German mob boss Killa ලෙස double-sized Scott Adkins ද, Blind assassin Caine ලෙස Donnie Yen ද රංගන දායකත්වය ලබා දෙන මේ චිත්‍රපටයේ action ගැන ඉතින් අහන්න දෙයක් නෑ. Production designer Kevin Kavanaugh තම ප්‍රියතම neon tube structure වර්ණ රටා තුළින් චිත්‍රපටයේ අඳුරු තේමාවට නව පණක් දෙනවා.

‌John Wick: Chapter 4 බලපු මට මතකයට ආපු තවත් චිත්‍රපටයක් තමයි Sergio Leone අධ්‍යක්ෂණය කළ For a Few Dollars More(1965). අසුන් පිට යාම, Caineගේ සාක්කු ඔරලෝසුව, හිරු නැගෙන හෝරාවේ පවත්වන ද්වන්ද සටන් ඇතුළත් John Wick 4, Western චිත්‍රපටයක් ලෙසත් කෙනෙක් දකින්න පුළුවන්. Tyler Bates හා Joel J. Richard ගේ සංගීතය චිත්‍රපටයේ දර්ශන වඩාත් ඉස්මතු කරන්නට සමත් වෙනවා. මේ චිත්‍රපටයේ දෙබස් අඩු වුනත් Clint Eastwoodගේ “yeah” වගේ Keanu Reevesගේත් සුවිශේෂී “yeah” උච්චාරණය Wick රසිකයින් හඳුනා ගනීවි.

Wickගේ ලෝකය අපි ජීවත් වෙන ලෝකයේ ම විකෘති වූ සෙවණැල්ලක් වගේ. මේ ලෝකයේ ප්‍රචණ්ඩත්වය නිරූපණය කරන්නේ වෙනස් ම විදියකට. උදාහරණයක් ගත්තොත්, Arc de Triomphe දී ගණන් කරන්නට බැරි තරම් පිරිසක් සමග John සටන් කරන අවස්ථාවේ දී කිසිදු ආරක්ෂක නිලධාරියෙකු හෝ වාහන නවතා බලා සිටින්නන් හෝ දකින්නට නෑ. මෙයින් මට හැඟුණේ මේ High Table ඇතුළු Johnගේ සමාජය පිටත ලෝකයට නො පෙනෙන හෝ ඔවුන්ට නො හැඟෙන සමාජයක් බවයි. John Wick: Chapter 4හි මම දැකපු විශේෂ visual tricks අතරින් එකක්.

“Wick genre” එකට ආවේණික බොහෝ කරුණු Chapter 4හි ද දකින්න පුළුවන්. විවිධාකාර ආයුධ, පච්ච කොටපු සහචරයන්, muscle cars, night clubs, තියුණු පැන්සල් සහ බල්ලෙක් ප්‍රේක්ෂකයාව අලුත් ම කලාවකට පිනවනවා. Johnගේ පැරණි මිතුරන් වන Bowery King (Laurence Fishburne), Winston (Ian McShane), සහ Charon (ළඟදී අප අතරින් වෙන් වුන Lance Reddick) ගේ ආගමනය රසික ආකර්ෂණය දිනා ගන්නට සමත් වෙනවා.

මට පෙනුණ විදියට John Wick මේ චිත්‍රපටයේ දී තම නිදහස දිනා ගන්නවා. ඒත් මේ මිනිසා නිදහස ලබයි ද? චිත්‍රපටයේ දී Marquis (Bill Skarsgård) කියනවා වගේ “There is no John out there. No happy man with a normal life. There is only John Wick: The Killer”…

ඔබට ජය🙏

උපසිරැසි ගැන්වීම : සමිත රමේෂ්
ලිපි සැකසුම : ගයාත්මි සනුදිනී කාරියප්පෙරුම✍️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමිත රමේෂ් (CineruLk)
IMDb 8.2 /10 150,159 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Keanu Reeves isJohn Wick
John Wick
Bill Skarsgård isMarquis de Gramont
Marquis de Gramont
Clancy Brown isThe Harbinger
The Harbinger

Similar titles

The Sum of All Fears (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Merciless (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Noah (2014) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man from Nowhere (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Good, the Bad and the Ugly (1966)  Sinhala Subtitles | හොඳ, නරක සහ දරුණුතම ! | සිංහල උපසිරැසි සමඟ
Time Trap (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 3: Game Over (2003)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Till Death (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Power (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinity Pool (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • suraj May 25, 2023 Reply

    Jhon marenawa ne ☹️💔😥

  • dulshara May 26, 2023 Reply

    ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එක දෙන්නකෝ

Leave a Reply to dulshara Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published