EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKarumegangal Kalaigindrana (2023) | පාපයේ හඩ
මේ චිත්‍රපටය ගැන මොනව කියන්නද ලියන්නද කියලනම් මට තේරෙන්නේ නෑ . කාලෙකින් බලපු සිතට තදින්ම දැනුන හැම අංශයකින්ම පූර්ණවුන දමිළ සිනමාවක්. කාලෙකින් දමිළ සිනමාවේ හොදයි කියල කියන්න පුලුවන් චිත්‍රපටයක් හැදුනේම න්ති තරම්. ඒ නිසාම ද දන්නේ නැ මේ චිත්‍රපටය සිතට දැනුනේ. මේ ෆිල්ම් එක වයස්කණ්ඩ්‍ය අනුව දැනෙන විදිය වෙනස් වේවි. ඒ පියෙක් විදියට, පුතෙක් විදියට දුවෙක් විදියට සහෝදරයෙක් විදියට සැමියෙක් විදියට…
මේකේ අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Thangar Bachan ( තංගර් බචන්) විසින් . සංගීතය G. V. Prakash Kumar විසින් . සිදුටික නම් සිතට දැනෙන විදියට පඹදුමයි සංගීතයයි මුසුකරල තියෙනවා. හඩ ඊට එහා… සින්දුටික ලියල තියෙන්නේ වෛරමුත්තු ඒකට හඩ දීල තියෙනවා Saindhavi, Sathya Prakash, Haricharan, G.V. Prakash Kumar. මේ ෆිල්ම් එකේ හොදම හරිය සංගීතය හා සින්දුටික. කනට මිහිරි සංගිතය හා ගැයුම….
ඊලගට රංගනය මේ චිත්‍රපටයේ ප්‍රභල අධ්‍යක්ෂකවරුන් දෙන්නෙක්ම ප්‍රධාන චරිතයන්වල ඉන්නේ. ඒ ගෞතම් වාසුදේව් මෙනන් හා භාරතිරාජා විශිෂ්ඨ සිනමාවන් දායාදකල මේ දෙන්නා විශිෂ්ඨ රංගනයකත් යෙදිල තියෙනවා. නැවත්ත අපේ යෝගිබාබු පෙන්නුවා මම විකටයෙක් විතරක් නෙවෙයි කියල. ඒ හා එක්වෙනවා ආදිති බාලා, සාරල් .
කතාව පොඩ්ඩක් බලමු:
දරුවෙක් වැදුපලියට පියෙක් විය හැකිද ?
පියෙක්වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද ?
දරුවෙක් වැදු පියෙක් හා දරුවෙක් නොවැදු පියෙක් එකම මාර්ගයක් හමුවීමක්. ඔවුන් සොයා යන්නේ තම දරුවන් අවසානය එකහා සමාන වේවිද ? බලලම කියන්නකෝ.
කතාව තිර රචනය ඉහලම තත්වයක තියෙනවා. එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් එකක්.




