Cast
Go Full Cast Pageඔත්තුකරුවෙකුගේ අවසන් සටන
2026 සැප්තැම්බර් 11 Web පිටපත් නිකුත් වුණු අලුත් සිනමාපටයක උපසිරැසිය අරගෙන. ලන්ඩන් නගරය පසුබිම් කරගනිමින් නිර්මාණය වූ, තත්පරයෙන් තත්පරය කුතුහලය සහ තුවක්කු සටන් පිරුණු British Action Thriller සිනමාපටයක් තමයි Knightfall (2026).
“Everyone’s a Target” (සෑම අයෙක්ම ඉලක්කයකි) යන පාඨය පෙරදැරි කරගනිමින් දිවෙන මෙම සිනමාපටය, අධ්යක්ෂ Ben Fortune ගේ අධ්‍යක්ෂණයෙන් සහ Jonathan Sothcott ගේ නිෂ්පාදනයෙන් Shogun Films හරහා 2026 සැප්තැම්බර් 11 වන දින තිරගත කිරීම ආරම්භ කළා.
රංගන දායකත්වය (Cast): මෙහි ප්‍රධාන චරිතයන් සඳහා ප්‍රවීණ බ්‍රිතාන්‍ය සහ හොලිවුඩ් රංගන ශිල්පීන් රැසක් එක්ව සිටිනවා. හිටපු ජනප්‍රිය ඔත්තුකරුවෙකු වන චාර්ල්ස් නයිට් ලෙස Ian Ogilvy ත්, MI5 ආයුධ තාක්ෂණවේදී රොස් නයිට් ලෙස Jeanine Nerissa Sothcott ත්, ඇගේ පෙම්වතා වන හිව් ලෙස (ජේම්ස් බොන්ඩ් නළු Roger Moore ගේ පුත්) Geoffrey Moore ත් රඟපානවා. ඊට අමතරව Nick Moran (Lock, Stock and Two Smoking Barrels), Michael Paré සහ Robert Cavanah ඇතුළු ප්‍රබල රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන: MI5 ආයුධ තාක්ෂණවේදිනියක වන රොස් නයිට් (Jeanine Nerissa Sothcott) හදිසියේම තමන්ගේ පෙම්වතා වන හුයි (Geoffrey Moore) මෙහෙයවන රහසිගත Black Ops මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ බ්‍රිතාන්‍ය භූමියට තර්ජනයක් වන මාරාන්තික ජීව විද්‍යාත්මක ආයුධයක් (Bioweapon) සොරුන්ගෙන් ලබාගැනීමයි.
නමුත් අවාසනාවකට මෙහෙයුම අසාර්ථක වන අතර, රොස්ගේ පිටුපස සතුරු ඝාතකයන් ලුහුබැඳීමට පටන් ගන්නවා. තමන්ගේ ජීවිතය බේරාගැනීමට වෙනත් මඟක් නැති තැන, ඇය තමන්ගෙන් වෙන්වී සිටි, අතීතයේ දක්ෂ ඔත්තුකරුවෙකු වූ තමන්ගේ පියා වන චාර්ල්ස් නයිට් වෙත යනවා. MI5 පද්ධතිය ඇතුළෙන්ම ක්‍රියාත්මක වන පාවාදෙන්නෙකු සහ සතුරු හමුදාවක් ඔවුන්ගේ නිවස වටලද්දී, පියා සහ දියණිය එකතු වී මාරාන්තික සටනක නිරත වීමට සිදුවෙනවා.







