EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Let’s Be Cops (2014) | වෙමු අපි පොලිස්….!!

ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Luke Greenfield විසින්. ඒවගේම Jake Johnson සහ Damon Wayans තමා මේ ෆිලුමේ ප්‍රධාන කොමඩි චරිත දෙක. ඒ වගේම ඩොලර් මිලියන 113.8ක ආදායමක් මේකෙන් දැනට ලැබිලා තිබෙනවා. පුරා විනාඩි 104ක් දිවෙන මේ ෆිලුම ගැන ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑ. පටන් ගත්ත වෙලාවේ ඉඳන් හිනාවෙන්න තමා තියෙන්නේ. එවුවා මෙවුවා නැතුව මම එහෙනම් කථාව ගැන කස්ටියට කියන්නම්කෝ.

මෙන්න මෙහෙමයි කථාව යන්නේ. ෆිලුමේ කතා නායකයෝ දෙන්නා වෙන්නේ උඩ මම කියපු දෙන්නා තමා. ෆිලුමේ එයාලා දෙන්නාගේ නම් තමා ජස්ටින් සහ රයන්. මෙයාලා දෙන්නා ගජ යාලුවෝ. ජස්ටින් ඇවිත් ටිකක් ගෑනු චරිතයක් වගේ හැමදේටම නෑ බෑ කිය කියා පස්ස ගහන කෙනෙක්. ඒ උනාට රයන් එහෙම නෑ. ජස්ටින් ඇවිත් වීඩියෝ ගේම් හදන තැනක වැඩ කරන්නේ. රයන් නම් හරියට මුකුත් කරන්නේ නෑ. ඉතින් මේ දෙන්නා දවසක් යනවා පාටියකට. මෙයාලා හිතන්නේ ඒක විකට ඇඳුම් ඇඳගෙන දාන පාටියක් කියලා. මෙයාලා ඉතින් විකට ඇඳුම්වෙනුවට පොලිස් ඇඳුමෙන් තමා පාටියට යන්නේ. ගියාට් පස්සේ තමා දෙන්නාට වැඩේ තේරෙන්නේ. කොහොමහරි දෙන්නාම එතන ගිහින් නෝන්ඩි වෙනවා. ඊට පස්සේ දෙන්නා පාටිය දාලා ගෙදර යන්න යනවා. ඊට පස්සේ යන අතරමගදී තමා වැඩේ. පාරේ යන හැමෝම මේ දෙන්නා දිහා බලනවා. මේ දෙන්නට පුදුමයි ඉතින්.තව හොඳ හොඳ වැඩත් දෙන්නාට ඒ අතරමගදී වෙනවා. කොහොම කොහොම හරි මේ පාටියට ඇඳපු පොලිස් නිල ඇඳුම් ඇඳගෙන මේ දෙන්නා ඇත්තම පොලිස්කාරයෝ වගේ නගරයේ යන්න ගන්නවා. ඔහොම දවසින් දවස දෙන්නා ගිහින් මෙයාලා නගරේ මැරයෝ සෙට් එකකටත් සද්දේ දාන්න යනවා. ඊට පස්සේ තමා වැඩේ. මම මේ කථාව ටිකක් ඔයාලාට උඩින් පල්ලෙන් කිවුවේ. හරියටම මොකද වෙන්නේ කියලා ඔයාලාට ෆිලුමෙන්ම බලාගන්න පුලුවන්. ආයෙම කියන්න දෙයක් නෑ මේ යාලුවෝ දෙන්නාගේ කොමඩි කෑලි කථාව පුරාවටම කිසිම අඩුවක් නැතුව තියනවා.

ඉතින් කාලෙකින් ආපු මේ නියම කොමඩිය අපේ යාලුවෝ කස්ටියට බලන්න කියලා මම ආරාධනා කරනවා.

Comments