CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2730 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Limit (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Limit (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 31, 2022South Korea87 Min.
Your rating: 0
6.7 6 votes
Limit (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

අම්මා කෙනෙක් තම දරුවන්ට කොච්චර ආදරේද? ඒක වචන වලින් කියන්න බැරි තරම්. අනන්තයි. අපිරිමිතයි. ඒ සෙනෙහස නිසා මවකට තම දරුවා වෙනුවෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද? ඒ වගේ මවකගේ ආදරය, සෙනෙහස, ශක්තිය, ධෛර්යය ගැන කියවෙන ලස්සනම ලස්සන, කොරියන් නිර්මාණයකට උපසිරැසියක් තමයි අද ඔයාලට ගෙනාවෙ. මුල ඉඳන් අග වෙනකල්ම එක හුස්මට බලන්න පුලුවන් ෆිලුමක් කියල අවිවාදයෙන් කියන්න පුලුවන්. Crime, Thriller, Drama වර්ග වලට තමයි අයත්වෙන්නෙ. ඒ තමයි Limit. කොරියන් භාෂාවෙන් 리미트. 2022 අගෝස්තු 31 දකුණු කොරියාවේ සිනමාශාලා 684 ක තිරගත වෙමින් තම ගමන ආරම්භ කල ‘ලිමිට්’ 2022 දෙසැම්බර් 04 වෙනිදා වෙනකොට ඇමරිකන් ඩොලර් 489,554 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගනිමින් එම වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරේ 28 වෙනි ස්ථානයට එන්න සමත් වුනා. 1998 ජුනි මස එලි දැක්වුනු Hisashi Nozawa ගේ “Kiroi Jou” නම් නවකතාව තමයි අධ්‍යක්ෂක Lee Seung-Jun විසින් සිනමාවට නගල තියෙන්නෙ. Lee Jung-hyun (යූන් සො-යුන්), Moon Jeong-hee (සී යෝ-ජින්), Jin Seo-yeon (හොන් යුන්-ජූ), Choi Deok-moon(ටීම් ලීඩර්), Park Myung-hoon (ජූන් යොන්ග්) සහ Park Kyung-hye (මියුං-සන්) යන අය රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ධාවන කාලය මිනිත්තු 87 යි.
කුඩා පාසල් ළමුන් පැහැරගැනීමක් දිගින් දිගටම සිදුවෙනවා. මේ අතරේ ධනවත් පවුලක කුඩා ගැහැණු ළමයෙක්වත් පැහැර ගන්නවා. ඒ සිද්ධියේදී දරුවාගේ මව ලෙස කොල්ලකරු සමග කතා කරන්න, පොලීසියෙන් යොදවන්නේ කාන්තා පොලිස් නිලධාරිනියක් වන යූන් සෝ-යුන්ව. ඇයටත් අවුරුදු 9 ක පුතෙක් ඉන්නවා. දරුවාගේ මව විදිහට ඇය රඟපාපු බව දැනගන්නා කොල්ලකරු , ඇයගේ පුතාව පැහැරගෙන ඇයට කියනවා දරුවා පණපිටින් අවශ්‍ය නම්, පොලීසිය මග ඇරලා කප්පම් සල්ලි ඔහුට කෙලින්ම ගෙනත් දෙන්න කියලා. පොලීසියට විරුද්ධ වෙන යූන් සෝ-යුන්ගේ ඉරණම කෙසේ වේවිද? කොල්ලකරුවන් එයාලගෙ වචනය ඒ විදිහටම ඉටු කරයිද? Limit බලමු.
මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල නම් විශේෂයෙන්ම කියන්න ඕනෙ. අඩු තරමේ සිපගැනීමේ දර්ශනයක්වත් නෑ.

Limit (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Limit (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Limit (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.2 /10 127 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pokiri (2006)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
SWAT Duty : City Crisis (2020) Sinhala Subtitles
Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Turning (2020) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story (1985) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eye for an Eye 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pixie (2020)  With Sinhala Subtitles
Friend Request (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published