EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageලකී
ඔන්න දමිළ සිනමාවෙන් 2026 අවුරුද්දේ අරගෙන ආපු තවත් වෙනස්ම විදියේ කතාවක් තමයි “Lucky the Superstar”. G.V. Prakash Kumar සහ Anaswara Rajan ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Uday Mahesh (The Family Man කතා මාලාවේ Chellam Sir විදියට හිටියේ මෙතුමා තමයි). කිසිම කම්මැලිකමක් නැතුව පවුලේ හැමෝමත් එක්කම එකට ඉඳගෙන බලන්න පුළුවන් නියම “Feel Good” ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.
මේ කතාව ගෙතෙන්නේ “ලකී” කියන හුරුබුහුටි, පුංචි බලු පැටියෙක් වටා. මේ බලු පැටියා අතින් අතට යනකොට, එයාට හම්බවෙන මිනිස්සුන්ගේ ජීවිත පුදුම විදියට වෙනස් කරනවා. මානසිකව වැටිලා ඉන්න පොඩි ළමයෙක්ව සතුටු කරන්න, ඒ වගේම ප්‍රශ්න තියෙන පවුලක් ආයෙත් එකතු කරන්න මේ බලු පැටියා ලොකු උදව්වක් වෙනවා.
හැබැයි කතාව වෙනස් වෙන්නේ මේ බලු පැටියාට තියෙන “වාසනාව” ගැන දැනගන්න දේශපාලඥයෙක් තමන්ගේ වාසියට එයාව පැහැරගන්න එකත් එක්කයි. ඊටපස්සේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ලක්ෂ්මණන් (G.V. Prakash) මේ බලු පැටියාව ආයෙත් බේරගන්න කරන සටන තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.




