EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Naruto Shippûden: The Lost Tower (2010) AKA Gekijouban Naruto Shippuuden: Za rosuto tawâ with Sinhala Subtitles | පිය පුතු හමුව [සිංහල උපසිරැසි සමඟ]

Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Sub
Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitle
Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitles

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් ඒකට පාදක වෙන්නේ මසාෂි කිෂිමොටෝ මහත්මයාගේ ප්‍රසිද්ධ චිත්‍ර කතාවක් වෙන නරුටෝ චිත්‍ර කතා මාලාව. නමුත් මේ ෆිල්ම් 11 ඇතුළත් සිද්ධි චිත්‍ර කතාවේ හෝ ඇනිම් එකේ ඇතුළත් වෙන්නේ නෑ. ඒක නිසා ෆිල්ම් ටික බලන එකත් වැදගත්. මේ ෆිල්ම් එකට IMDb රේටින් 7.2 ක් තියෙනවා.

මේ කතාවේ හැටියට සස්කේ කොනෝහා වල නෑ. ඒ වෙනුවට 7 වෙනි ටීම් එකේ ඉන්නේ සායි. මෙයයි නරුටොයි සකුරයි යමාටෝ සෙන්සේයි ඇතුළුව 7 වෙනි ටීම් එකට සුනාදේ (5 වෙනි හොකාගේ) මෙහෙයුමක් දෙනවා. ඒ තමයි රියුම්යකු කියන නටඹුන් වුන රෝරන් නගරේ තියන චක්රා උල්පත සීල් තියන එක. ඇත්තටම කිව්වොත් ඒක කලින් 4 වෙනි හොකාගේ විසින් සීල් තියනවා. මෙයාලට තියෙන්නේ ඒ සීල් එක අළුත් කරන්න. ඇනිම් එක බලපු අය දන්නවා ඇතිනේ 4 වෙනි හොකාගේ කියන්නේ නරුටෝගේ තාත්තා කියලා. ඒත් මේ කාලේ නරුටෝ ඒක ගැන දන්නේ නෑ. කොහොම හරි සීල් එක අළුත් කරන්න එනකොට රියුම්යකු බලය ලබාගන්න මුකාදේ කියලා මිනිහෙක් මේ සීල් එක ඉවත් කරනවා. ඒකට මැදිවෙන යමාටෝ සෙන්සෙයි නරුටෝයි අවුරුදු 20ක් අතීතෙට ගමන් කරනවා. මේ ගමනේදී නරුටෝට එයාගේ ජීවිතේ වැදගත්ම පුද්ගලයෙක් හමු වෙනවා. මේ පුද්ගලයා ගැන දැනගන්නයි මුකාදේව නරුටෝ පරද්දන හැටි බලන්නයි ෆිල්ම් එක බලලම ඉන්න. මේකත් රසවිඳියි කියලා හිතෙනවා.??

Comments