EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNo Other Choice (2025) | “වෙන කරන්න දෙයක් නෑ”
ඔන්න යාළුවනේ, Korean ෆිල්ම් බලන්න කැමති අයට මේ අවුරුද්දෙ ආපු සුපිරිම ෆිල්ම් එකක් ගැනයි මේ කියන්න යන්නෙ. No Other Choice කියන්නේ අපි කවුරුත් දන්න Handmaiden, Oldboy වගේ සුපිරි ෆිල්ම් අධ්යක්ෂණය කරපු Park Chan-wook ගේ අලුත්ම වැඩේ. මේක හිනා වෙන්නත් පුළුවන්, ඒ වගේම Thriller ගතියකුත් තියෙන අමුතුම ජාතියෙ කතාවක්.
මේ කතාව යන්නේ Man-su කියන මනුස්සයා වටේ. එයා අවුරුදු 25ක් තිස්සේ එකම කම්පැණියක වැඩ කරලා, හදිසියේම රස්සාවෙන් අස් කරනවා. දැන් ඉතින් මොනවා කරන්නද? ගෙදර වියදම්, ළමයින්ගෙවැඩ ඔක්කොම හිර වෙනවා. Man-suට ඕන වෙනවා කොහොම හරි ආයෙ රස්සාවක් හොයාගන්න.
බැරිම තැන මිනිහා මාර තීරණයක් ගන්නවා. එයා හිතනවා තමන්ට තරඟයක් දෙන්න ඉන්න අනිත් අයව මරලා දැම්මොත්, ලේසියෙන්ම රස්සාව ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් රස්සාවක් වෙනුවෙන් මිනී මරන්න පටන් ගන්න අහිංසක මනුස්සයෙක්ගෙ කතාවක් තමයි මේක. මේක මෙහෙම කිව්වම බය හිතෙනවා වගේ වුණාට, ෆිල්ම් එකේ මේවා පෙන්නන්නෙ ටිකක් Dark Comedy විදිහට.
අපි කවුරුත් දන්න Squid Game එකේ Front Man විදිහට හිටපු Lee Byung-hun තමයි ප්රධාන චරිතය කරන්නෙ. Crash Landing on You ඩ්රාමා එකේ, නැත්තම් මේ දවස් වල ප්රසිද්ධ Saiyaara Film එකට පාදක උන A Moment to Remember Film එකේ ප්රධාන නිළියට හිටපු Son Ye-jin තමයි මේකෙ Man-suගෙ බිරිඳ විදිහට ඉන්නෙ…
ඔයාලා ටිකක් කුතුහලයෙන් බලන්න පුළුවන් Korean Thriller කතාවලට ආස නම් මේක ඔයාට හරියනවා. සමාජයේ තියෙන තරඟකාරී බව, රස්සාවක් නැති වුණාම මිනිස්සු වැටෙන තත්ත්වය වගේ දේවල් මේකෙන් ලස්සනට පෙන්නනවා. ඒ වගේම සුපිරි නළු නිළියෝ සෙට් එකක් ඉන්න නිසා රඟපෑම් ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ. ඉතින් වෙනස්ම රහක කොරියන් ෆිල්ම් එකක් හොයනවා නම්, No Other Choice අනිවාර්යයෙන්ම බලන්න.











