EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kim Byung-woo
Cast
Go Full Cast PageOmniscient Reader: The Prophecy (2025) | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ”
ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට අලුත්ම අලුත් කොරියානු සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ. ලෝකය පුරාම වෙබ් නවකතාවක් විදිහට අතිශයින්ම ජනප්‍රිය වෙලා, චිත්‍රපටයක් විදිහට එනකම් රසිකයෝ නොඉවසිල්ලෙන් බලන් හිටපු Omniscient Reader’s Viewpoint චිත්‍රපටය තමයි අද ඔයාලට අරගෙන ආවේ. Action, Adventure, Fantasy කියන කාණ්ඩ නියෝජනය කරන මේ චිත්‍රපටය Kim Byung-woo ගේ අධ්‍යක්ෂණයක්.
කතාව පැත්තට යන්න කලින් මේකෙ ඉන්න නළු නිළි පිරිස ගැන කතා නොකරම බෑ. මොකද ලොව පුරා රසික ආදරය දිනාගත් දැවැන්තම තරු කිහිප දෙනෙක්ම මේකට රංගනයෙන් දායක වෙනවා.
කතා සාරාංශය
කිම් දොක්ජා කියන්නේ සාමාන්‍ය සමාගමක සේවය කරන තරුණයෙක්. එයාගෙ එකම විනෝදාංශය තමයි අවුරුදු දහයක් තිස්සේ වෙබ් නවකතාවක් කියවන එක. හැබැයි ප්‍රශ්නේ කියන්නේ, කොටස් 3000කට වඩා දිග මේ කතාවේ ඉන්න එකම පාඨකයාත් එයා වීම. දවසක්, කතාවේ අවසාන කොටසත් කියවලා ඉවර වුණ ගමන්ම, දොක්ජාගේ ලෝකය එයා කියවපු නවකතාවේ ලෝකය බවට පත් වෙනවා. එකපාරටම එයාලා ඉස්සරහ දොක්කෙබි (භූතයෙක්) කෙනෙක් මතු වෙලා, ජීවත් වෙන්න නම් මාරාන්තික “සිනාරියෝ” සම්පූර්ණ කරන්න ඕන කියලා කියනවා.
මේ හැමදේම සිද්ධවෙද්දී, මේ ලෝකයේ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා දන්න එකම කෙනා කිම් දොක්ජා විතරයි. එයා දන්නවා කවුද මැරෙන්නේ, කවුද ජීවත් වෙන්නේ, කොහොමද මේ සිනාරියෝ ජයගන්න ඕන කියලා. ඉතින්, නවකතාවේ ප්‍රධාන වීරයා වුණත්, නිතරම මැරි මැරී ඉපදෙන යූ ජුන්ග්හියුක්වත් බේරගෙන, තමන්ගේ සගයනුත් එක්ක මේ ලෝක විනාශයෙන් බේරෙන්න දොක්ජා කරන සටන තමයි මේ චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ.
එහෙනම්, තවත් විස්තර කියන්න යන්නේ නෑ. මේ සුපිරිම නිර්මාණය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
මම ප්‍රමුඛ විශ්වජිත්!












