EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අවුරුදු දහයක දීර්ඝ චාරිකාවකට තිත තබමින් Stranger Things කතාමාලාව පහුගිය ජනවාරි පළමුවෙනිදා අවසන් වුණා. නමුත් මේ අවසානයත් එක්කම ලෝකය පුරා ඉන්න Stranger Things ෆෑන්ස්ලා මතයක් අරන් ආවා සීරීස් එක ඇත්තටම අවසන් වුනේ නෑ, Confirmity Gate ලෙසින් ඇත්තම අන්තිම එපිසෝඩ් එකක්, ඒ කියන්නෙ එපිසෝඩ් 09 එකක් Netflix එකෙන් හොර රහසේම එළියට දාන්න ඉන්න බව.
ඒ විදිහට ජනවාරි 07 වෙනිදා මේ අන්තිම එපිය බලන්න හිතන් ෆෑන්ස්ලා Netflix එකට පිවිසෙන්න ගත්තු නිසා නැවත වතාවක් ලොව පුරා මේ ස්ට්‍රීමින් සේවාව බිඳ වැටුණු බව ඔයාලා දන්නවා ඇති.

කොහොමහරි එදා ඒ වගේ එපිසෝඩ් එකක් රිලීස් වුණේ නෑ. නමුත් ඒත් එක්කම Netflix එකෙන් නිවේදනය කරනවා ජනවාරි 12 වෙනිදාට Stranger Things ෆයිනල් සීසන් එක ගැන වාර්තා වැඩසටහනක් නිකුත් වෙනවා කියලා. ඉතින් ඉතිහාසයේ ගැඹුරටම ගිහින් ෆෑන්ස්ලා ආයෙත් වතාවක් මතයකට එනවා මේ වාර්තා වැඩසටහනක් බව පෙන්වලා ඇත්තම අවසන් එපිසෝඩ් එක තමයි රිලීස් කරන්න ඉන්නෙ කියලා. නමුත් ඇත්තටම ජනවාරි 12 වෙනිදාත් ඒ වගේ එපිසෝඩ් එකක් නම් රිලීස් වුණේ නෑ. කියපු විදිහටම වාර්තා වැඩසටහන තමයි රිලීස් වුණේ. ඉතින් අද මේ අරන් එන්න හ්දන්නේ ඒ වාර්තා වැඩසටහනේ සිංහල උපසිරැසිය.

Stranger Things එකට පණ ඇරලා ආදරේ කරන ෆෑන් කෙනෙක් විදිහට මේ අවසන් වැඩේ පරිවර්තනය කරන්න ලැබීම මට ලොකු සතුටක්.
ඒත් පෞද්ගලිකව සීරීස් එකේ අන්තිම මිනිත්තු 30 – 40 හැරෙන්න මේ අන්තිම සීසන් එක ගැන නම් මම සතුටු නෑ. මොකද කළින් සීසන් වල හැම එපිසෝඩ් එකක් අවසානයේම තිබුණු අමුතු කික් එක මේ සීසන් එකේ මට නම් දැනුණේ නෑ. ඒ වගේම කළින් සීසන් වල ලොකු role එකක් play කරපු සමහර චරිත පවා මේ අන්තිම සීසන් එකෙන් අමතක කරලාම දාලා තිබ්බා. (Suzie, Enzo, Argyle)

ඒ වගේම හිනා යන කාරණය තමයි මේ වාර්තා වැඩසටහනේදී Duffer Brothers ලා කියනවා සහ පැහැදිලිවම පෙන්වනවා ෆයිනල් සීසන් එකේ ශූටින් පටන් ගද්දී මේක ඉවර වෙන්නෙ කොහොමද කියන එකවත් ඔවුන් ලියලා තිබ්බෙ නෑලු.
ඔවුන්ගේ ඔළුවේ තිබිලා තියෙන්නෙ ඇත්තටම අපිව අඬවපු අන්තිම බේස්මන්ට් සීන් එක විතරයි. ඒ හැර කතාවේ ගලා යෑමක් ගැන ඔවුන්ට අදහසක් තිබිලා නෑ. ඉතින් අනේ මන්දා! 🙂👌

කොහොමහරි අපි මේ කොච්චර වචනෙන් කිව්වත් මේ වගේ දැවැන්ත නිර්මාණයක් කරන්න දරන මහන්සිය තේරුම් ගන්න නම් ඇත්තටම මේ වාර්තා වැඩසටහන බලන්න ඕනේ. ඒ වගේ මේ Stranger Things සීරීස් එක පුරාම අපි දැකපු බොහෝ දේවල් VFX නෙවෙයි, මිනිස්සු ඇත්තටම නිර්මාණය කරපු දේවල් බවත් මේ වාර්තා වැඩසටහනේ ලොකුවටම පෙන්නලා තියනවා.

නමුත් ඒක excuse එකක් නෙවෙයි plot holes පිරුණු අවසානයක් මෙච්චර හොඳට කරගෙන ආපු සීරීස් එකකට ලබාදෙන්න.
කෙසේ වෙතත් මං උඩ කිව්වා වගේ ෆෑන්ස්ලා ඉදිරිපත් කරන තියරීස් අනුව අපි මේ අවසානය කියලා දැක්කේ වෙක්නා සහ Mind Flayer විසින් අපේ චරිතවලට සහ අපිට පෙන්වන Illusion එකක්. ඒ කියන්නෙ හෝකින්ස් වල හැමෝම Mind Flayerට අහු වෙලා ඉවරයි. සහ වැදගත්ම දේ අවසානයේ අපිට ඩෆර් අයියා මලෝ දෙන්නා පෙන්නපු බොහෝ දේවල් ඇත්තටම බැලුවොත් අපි මුල ඉඳන් දන්න Stranger Things එකට ගැලපෙන්නෙත් නෑ.

මෙච්චර දැවැන්ත නිර්මාණයක් ගොඩනගපු ඩෆර්ස්ලා මේ විදිහට නොගැලපෙන signs පිරුණු ending එකක් මේකට දුන්නද කියන එක ඇත්තටම මේක අවසානය නෙවෙයි කියලා හිතන්න අපිව පොළඹවන එකත් පුදුමයක් නෙවෙයි.

එහෙනම් ඉතින් මේකත් බලන්න කියලා ආරාධනා කරනවා.

Comments