EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Annie Hitchcock, Laura Miles, Paul King, Tamara King
Cast
Go Full Cast PagePaddington (2014) | කතා කරන වලස් යාළුවා
කොහොමද යාළුවනේ. අද මම අපේ පොඩ්ඩන්ට සහ පොඩ්ඩන්ගෙ චිත්‍රපටිවලට කැමති ලොක්කන්ට ලස්සන චිත්‍රටියක් අරන් ආවා. චිත්‍රපටිය තමයි පැඩිංග්ටන්. මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන මේ චිත්‍රපටිය IMDb 7.5/10 අගයක් අරන් තියනවා.
මුලින්ම, චිත්‍රපටියෙ කතාවට හැරෙන්න කලින් මම කියන්නම් කවුද මේ පැඩිංග්ටන් කියලා. ඔයාලා දැකලා ඇති රතු තොප්පියක් දාගෙන, නිල් කෝට් එකක් ඇදගෙන, සූට්කේස් එකක් අතේ අරන් ඉන්න වලස් පැටියෙක්ගෙ ස්ටිකර් එහෙම. ඒ තමයි පැඩිංගටන්. පැඩිංග්ටන් කියන්නෙ ළමා සාහිත්‍යයේ එන චරිතයක්.එයා ඉපදෙන්නෙ 1958 ඔක්තොම්බර් 13 වෙනිදා Michael Bond කියන ළමා කතා රචකයා අතින්.මෙයා ගැන ලියවුන කතා පොත් විස්සක් විතර විවිධ භාෂා වලට පරිවර්ථනය වෙලා ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා තියනවා. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ මේ පොත් අතරින් පළවෙනි පොත. පැඩිංග්ටන් කොහොමද අපි අතරට එන්නෙ කියලා තමයි මේ කතාවෙන් කියවෙන්නෙ.
දැන් බලමු චිත්‍රපටිය ගැන. පැඩිංග්ටන් ජීවත් වෙන්නෙ පේරු වල කැලේක එයාගෙ නැන්දායි මාමයි එක්ක. ඒත් භූමිකම්පාවකින් එයාට එයාගෙ ගෙයත් මාමාත් අහිමි වෙනවා. ඊටපස්සෙ එයාගෙ වයසක නැන්දා කියනවා මුලින්ම එයාලව හොයාගත්ත ගවේශකයාව හොයාගෙන ලන්ඩන් වලට යන්න කියලා. එහෙදි එයාට හොද ගෙයක් ලැබෙයි කියලා. එයා යන්නෙ පැඩිංග්ටන් දුම්රියපළට. එතෙන්දි එයාට මුණගැහෙනවා බ්‍රවුන් පවුල. එයාලා තමයි එයාට එයාගෙ නමත් දෙන්නෙ. පැඩිංග්ටන් අහිංසක වුනත් එයා හැමවෙලේම කරදරරේ වැටෙනවා.ඒ නිසා හරි හරි වැඩ තමයි වෙන්නෙ. මේ නිසා බ්‍රවුන් පවුලෙ බ්‍රවුන් මහත්තයා නම් පැඩිංග්ටන්ට එතරම් කැමති නෑ.
පැඩිංග්ටන්ට ගවේශකයාව හෙව්වාට මුණගැහෙන්නෙ නෑ. ඒත් එයාට ගවේශකයාගෙ දුවව මුණගැහෙනවා. ඒත් එයා හරිම නපුරු කෙනෙක්. එයා හදන්නෙ පැඩිංග්ටන්ව මරලා පුළුන් පුරවලා කෞතුක වස්තුවක් කරන්න. එයා කොහොමද එතනින් බේරෙන්නෙ, බ්‍රවුන් පවුල කොහොමද එයාට එයාගෙ පවුල කරගන්නෙ ලැබෙන්නෙ කියලා බලන්නකො එහෙනම්.
- Paddington (2014)
- Paddington 2 (2017)
- Paddington in Peru (2024)
Paddington Complete Collection
Share
Links
Comments












