EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Penguins of Madagascar (2014) | හතරදෙනාම සූරයෝ….

කට්ටිය බලල තියනවද Madagascar (2005), Madagascar-Escape 2 Africa (2008), Madagascar 3: Europe’s Most Wanted (2012), කියන ෆිල්ම් ටික, ඔකේ ඉන්න කොව්ල්ස්කි, රිකෝ, ස්කිපර් සහ ප්‍රයිවට් කියන වැඩකාරයෝ හතර දෙනාව මතක ඇතිනෙ. ඩ්‍රීම්වර්ක්ස්ල පිටපැනුමක් කරමින් එයාලව වෙනම සිනමාවට හදුන්වා දෙනව මෙතැනදී, මේ හතරදෙනා ඉන්න රුපවාහිනී කතා මාලාවකුත් මේ නමින්ම තියනව, Shrek (2001), Shrek 2 (2004) සහ Bee Movie (2007), වැනි සිනමාට සඳහා දායක උන Simon J. Smith සහ Madagascar සිනමාපට පෙල සඳහා දායක උන Eric Darnell දෙදෙනා විසින් තමයි Imdb 6.9ක් අරගන්න සමත්වුණ මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ, ඕන කෙනෙක්ට කම්මැලි නැතුව ඉවර වෙනකම්ම බලන් පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.

එහෙමනම් කතාව දිහාවට හැරෙමු, කතාව පටන් ගන්නේ කොව්ල්ස්කි, රිකෝ, ස්කිපර් තුන්දෙනාගේ කුඩා කාලෙන්, කෝ එතකොට ප්‍රයිවට්? එයා තවම බිත්තරයක් ඇතුලේ, නිකම් නෙමේ භයානක දිවි සීල් මත්සයින්ගේ ආහාරයක් වෙන්න ඔන්…න මෙන්…න තත්වයක ඉන්නෙ, තුන්දෙනාගේ කණ්ඩායමේ පලවෙනි වික්‍රමය පටන් ගන්නේ ඔන්න ඔතනින්, ඒ වගේම කණ්ඩායමේ සාමාජිකයින්ගේ හැකියාවන් ගැන කියනවනම් ස්කිපර් තමයි කණ්ඩායමේ නායකය, කොව්ල්ස්කි තමයි කණ්ඩායමේ ඉන්න මොළකාරයා, එතකොට රිකෝ, පොර තමයි භාණ්ඩ ගබඩාව, පොරගේ බඩේ නැති දෙයක් නෑ, ඕන වෙලාවක ඕන දෙයක් ඉල්ලුවම වමනෙ කරල එලියට ගන්න විතරයි ඕන, එතකොට ප්‍රයිවට්? පොර තවම බිත්තරයක් ඇතුලෙනෙ. ආ නෑ ප්‍රයිවට් හිටපු බිත්තරේ රිකෝ ගිල්ලා, ප්‍රයිවට් දැන් ඉන්නේ රිකෝගේ බඩේ, ඔච්චර විතරක් නෙමේ, ඒජන්ට් ඔෆ් ශිල්ඩ් වගේ ‘නොර්ත් වින්ඩ්’ එහෙම නැත්තම් “උතුරු සුළඟ” කියල වෙනම කණ්ඩායමක් මේකට එනවා ඒ අපේ හතරදෙනාට උදව් කරන්න, මොනාද එතකොට වෙන්නේ? මොනාටද උදව් කරන්නේ? කවුද දැන් හතුරගෙ චරිතය කරන්නේ? වැඩකාරයෝ හතරදෙනාට මොකෝ වෙන්නේ? කියල දැනගන්නම ඕන නම්.. ඩව්න්ලෝඩ් කරගෙන බලන්නම වෙනව…

Comments