EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRevolver (2024) | පළිගැනීම
අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු තවත් කොරියන් ෆිල්ම් එකකට. නම තමා Revolver. කාස්ට් එක හින්දම එනකම් බලන් ඉදපු ෆිල්ම් එකක් තමා මේක. ෆිල්ම් එක ගැන කිව්වොත් මේක තිරගත වෙන්නේ ගිය මාසේ හත්වෙනිදා. මේ වෙද්දි ඩොලර් මිලියන 1.7ක ආදායමක් Revolver චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. පැයකුත් මිනිත්තු පනස් හතරක් පුරාවට ගලන් යන මේ ෆිලුම අයත් වෙන්නේ Action, Thriller, Crime කියන ගනයන්ට. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Oh Seung Uk. මේකේ ලොකුම විශේෂත්වය තමා කාස්ට් එක. ටොප් ලෙවල් කාස්ට් එකක් තමා මේ ෆිලුමේ ඉන්නේ. Jeon Do Yeon, Ji Chang Wook, Im Ji Yeon තුන්දෙනා තමා ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ.
《CAST – රංගන දායකත්වය》
• Jeon Do Yeon – හා සු යොන්ග්
• Ji Chang Wook – ඇන්ඩි
• Im Ji Yeon – ජොන්ග් යුන් සොන්
• Kim Jun Han – ශින් දොන්ග් හෝ
• Kim Jong Soo – ප්‍රධාන අධ්‍යක්ෂක
• Jung Man Sik – ජෝ ප්‍රධානි
• Lee Jung Jae – ලිම් සොක් යොන්ග්
• Jeon Hye Jin – ග්‍රේස්
• Jung Jae Young – මින් ගි හ්යුන්
《Summary – සාරාංශය》
හා සු යොන්ග් කියන්නේ පොලිස් නිලධාරියක්. දවසක් අල්ලස් චෝදනාවක් හින්දා නොකරපු වැරැදිත් භාරගන්නේ ඒකට වගකියන්න ඕනෙ ඊස්ටන් ප්‍රොමිස් කියන කම්පැනියෙන් මිලියන හත්සීයක වන්දියක් දෙන්න පොරොන්දු වුන හින්දා. මේක වෙන්නේ එයා අලුත් අපාර්ට්මන්ට් එකේ පදිංචියට යන්න ඉදපු දවසේ. ඉතින් පරිවාසෙ ඉදලා ඉක්මනටම එන්න පුළුවන් වෙයි කියලා තමා හා සු යොන්ග් හිතන් ඉදියේ. ඒත් අල්ලස් විදියට සල්ලි ඇරුනම කුඩුත් හම්බුනයි කියන සාක්ෂිය නිසා හා සු යොන්ග්ට අවුරුදු දෙකකට හිරේ යන්න වෙනවා. අවුරුදු දෙකක් හිරේ ඉදලා නිදහස් වුනාට පස්සේ දෙන්න පොරොන්දු වුන මිලියන හත්සීය අරගන්න බලාගෙන තමා මෙයා ඉන්නේ. ඒත් සල්ලි දෙන්න පොරොන්දු වුන කෙනා හා සු යොන්ග්ට සල්ලි දුන්නේ නෑ. ඒ අතරේ දැනගන්න ලැබෙනවා පදිංචි වෙන්න ඉදපු අපාර්ට්මන්ට් එක වෙන කෙනෙක්ට පවරලා කියලා. මෙයා සල්ලියි, අපාර්ට්මන්ට් එකයි අරගන්න පුළුවන් හැමදේම කරනවා. ඉතින් හා සු යොන්ග්ට සල්ලියි, අපාර්ට්මන්ට් එකයි අරගන්න පුළුවන් වෙයිද? ඒක දැනගන්න නම් මේ ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා












