EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Soulmate (2023) | “ආදරය නැතුව අඳින්න බැරි චිත්‍රයක්”

මි සෝ පොඩි කාලෙ ඉස්කෝලෙ මාරු කරලා හා අන් ඉන්න ඉස්කෝලෙට එනවා. එදා ඉදන් ඒ දෙන්නා හොදම යාලුවො වෙනවා. හා අන් කියන්නෙ තැම්පත් ගෑණු ළමයෙක් වුනාට මි සෝ කියන්නෙ දඟකාර ගෑණු ළමයෙක්.
ඒවගේම ඒ දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙයි. කල් යල් ගතවෙනකොට හා අන්ට මුන ගැහෙනවා පිරිමි ළමයෙක්. එයාගෙ නම් ජුන් වු. හා අන් මේ ගැන මි සෝටත් කියනවා. ඒ වගේම මේ පිරිමි ළමයව චිත්‍රෙකින් අඳින්නත් හා අන්ට ඕන වෙනවා. මෙහෙම මේ තුන්දෙනා විනෝදෙන් කාලය ගත කරන අතරවාරයේ මි සොගෙ කලින් දැක්කෙ නැති අමුත්තක් හා අන් දකිනවා. ඒත් එක්කම මි සෝ සෝල්වලට යන්නත් තීරණය කරනවා. තව ජුන් වුගෙ කරේ තිබ්බ මාලය මි සෝගෙ කරේ තියෙනවත් හා අන් දකිනවා. ඇයි මි සෝ එකපාරටම සෝල්වලට ගියේ? මි සෝගෙ කරට කොහොමද ජුන් වුගෙ මාලය ආවේ?

වැඩි විස්තර මොකටද? එහෙනම් හැමෝම මේ ෆිල්ම් එක බලන්නකෝ..

Comments