EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අභිමානවත් සෙබළෙකුගේ ආගමනය

ඔන්න අදත් සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක් ගැන විස්තරයක් අරගෙන ආවා. අනිල් කපූර්ව ඉතින් අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නෑනේ. වයසට ගියත් තාමත් සුපිරියටම වැඩ දාන මේ නළුවාගේ අලුත්ම චිත්‍රපටය තමයි Subedaar (සුබේදාර්) කියන්නේ.
මේක නිකම්ම නිකන් ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි, ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්.
මේකේ ප්‍රධාන චරිතය තමයි සුබේදාර් අර්ජුන් සිං. එයා හමුදාවෙන් අයින් වෙලා තමන්ගේ පවුලත් එක්ක සාමකාමීව ජීවත් වෙන්න හිතාගෙන ආයෙත් ගමට එනවා. හැබැයි එයාට තේරෙනවා දේශසීමාවේ යුද්ධේ ඉවර වුණාට, සමාජය ඇතුළේ ඊට වඩා ලොකු යුද්ධයක් තියෙනවා කියලා. ගමේ ඉන්න පාතාලේ චණ්ඩි, දූෂිත මිනිස්සු නිසා එයාගේ පවුලට, විශේෂයෙන්ම එයාගේ දුවට ලොකු ලොකු ප්‍රශ්න එන්න පටන් ගන්නවා.
සාමකාමීව ඉන්න ආපු මේ හිටපු හමුදා නිලධාරියා, තමන්ගේ පවුල බේරගන්න අසාදාරණයට විරුද්ධ වෙන්න ආයෙත් තමන්ගේ පරණ ෆෝම් එකට එන හැටි තමයි මේකේ තියෙන්නේ.

Comments