EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageTarget (2023) AKA Don’t Buy the Seller | ඔන්ලයින් බඩු ගන්නවනම් පරිස්සමෙන්!
ඕගොල්ලෝ Recalled , Door Lock, Midnight වගේ චිත්‍රපට බලලා තියනවනම් මේ ෆිලුමෙත් තියෙන්නේ ඒ වයිබ් එකමයි.ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන කුතුහලය මේකේ මුල ඉදලා අගටම තියනවා. මේකේ රංගනයෙන් දායක වෙන අය ගැන කතා කරොත් ඔයාලා Mr.queen බලලා තියනවනම් ඒකේ ඉන්න පිස්සු රැජිණ තමයි මේ සුපිරි ෆිලුමේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.ඒ වගේම තවත් සුපිරි නළු නිළි පිරිසක් මේකෙන් දැක ගන්න පුලුවන්.
හොදයි වැඩි කතා නැතුව අපි කතාව පැත්තට යමු. මේකේ ප්‍රධාන චරිතය වන ජන්ග් සෝ-හියුන් කියන්නේ ඉදිකීරීම් සමාගමක වැඩ බලන කෙනෙක් විදියට රැකියාවක් කරන තරුණියක්. මෙයා රැකියාව නිසා තනියම තමයි ජීවත් වෙන්නේ. දවසක් මෙයාගේ ගෙදර රෙදි සෝදන යන්ත්‍රය ඒ කියන්නේ වොෂින් මැෂින් එක කැඩෙනවා ආයෙත් හදන්න බැරි වෙන්නම. ඉතින් මෙයාට අලුත් එකක් ගන්න ලොකු ගාණක් යට කරන්න බැරි නිසා එයාගේ යාලුවගෙන් දැන ගන්න ලැබුණු විදියට සකන්ඩ් හෑන්ඩ් බඩු විකුණන්න තියන වෙබ්සයිට් එකකින් අඩුවට තියන වොෂින් මැෂින් එකක් මෙයා ගන්නවා. ඔන්න ඔතනින් තමයි කරදර පටන් ගන්නේ මෙයාට හම්බවෙලා තියන ඒ වොෂින් මැෂින් එක වැඩ කරන එකක්නම් නෙමෙයි. ඒක හොදටම කැඩුණු එකක්. ඔන්න එතකොට තමයි මෙයාට යකා නගින්නේ එයාට තේරෙනවා තමන් වංචාකාරයෙක්ට තමයි අහුවෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාට ලේසියෙන් ඒ වංචාකාරයට ලිස්සලා යන්න දෙන්න බැරි නිසා මෙයා තීරණය කරනවා ඒ වංචාකාරයව හොයාගන්න. ඒත් ඊටපස්සේ මෙයාට මූණ දෙන්න වුණේනම් හරිම භයාණක දේවල්වලට. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න ඕනනම් මේ කුතුහලය පිරුණු චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.










