EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

පවුල වෙනුවෙන් සටන් වදින හිටපු මුහුදු කොල්ලකාරියකගේ දරුණු සටන!

ඔන්න ඉතින් Cinesubz යාලුවනේ, අද අපි කතා කරන්න යන්නේ හරිම “Mass” ගතියක් තියෙන Action Movie එකක් ගැන. ඒ තමයි 2026 වසරේ තිරගත වුණ The Bluff. මේක නිකම්ම “Pirates” කතාවක් නෙමෙයි – ඒ තුළ මවකගේ ආදරය සහ කැපකිරීම් ගැන කියවෙන හරිම සංවේදී කතාවක් ද අඩංගු වෙලා තියෙනවා.

මොකක්ද මේ කතාව?

මෙහි ප්‍රධාන චරිතය (Ercell) නිරූපණය කරන්නේ සුපිරි නිළි Priyanka Chopra Jonas. ඇය කලින් “Bloody Mary” නමින් මුළු මුහුදම භීතියට පත් කළ දරුණු මුහුදු කොල්ලකාරියක්. හැබැයි දැන් ඇය ඒ සියල්ල අතහැරලා දූපතක තම පවුලත් එක්ක ඉතාම නිස්කලංක ජීවිතයක් ගත කරනවා.

නමුත් මේ සතුට වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ඇයගේ පැරණි සතුරන් ඇයව සොයාගෙන දූපතට පහර දෙනවා. එතැන් සිට තම පවුල ආරක්ෂා කරගැනීම සඳහා ඇයට නැවතත් සිය පැරණි “දරුණු” ස්වරූපයට එන්න සිද්ධ වෙනවා.

මිනිත්තු 101ක් වැනි කෙටි කාලයකින් නිමවන මෙම චිත්‍රපටය, කම්මැලිකමක් නැතුව එක දිගටම බලන්න පුළුවන්. කතාව තරමක් දුරට අනුමාන කළ හැකි වුවත්, එහි ඇති වේගවත් බව සහ පවුලේ බැඳීම නිසා මෙය මග නොහැරිය යුතු චිත්‍රපටයක් වෙනවා. ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න වීකෙන්ඩ් එකක බලන්න මේක සුපිරිම තේරීමක්!

________________________________________

අලුත්ම Movies, TV Series සහ උපසිරැසි ගැන ඉක්මනින්ම දැනගන්න අපේ Cinesubz Facebook Page එකට අදම Join වෙන්න. හැමදාම අලුත් තොරතුරු එක්ක අපිත් එක්ක ඉන්න!!

Comments

March 2, 2026

Wonderful movie after the pirates of the Caribbean ♥️