Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

424 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 1
7.0 12 12 votes
Feb. 14, 2025United States98 Min.

The Monkey (2025) | මළ බෙර හඬක් ඇසෙනා, ජීවිත මූසල කරන වදුරු ප්‍රතිමාව

තාත්තාගේ පරණ බඩු තිබ්බ මිදුලේ ගබඩා කාමරේ දොර ඇරලා පියවුණු ගමන් දැනුණු ඒ බියජනක ගඳ තාමත් මට අමතක වෙන්නේ නෑ. 
පුංචි කාලේ ඉඳන්ම ඒ කාමරේ සැඟවිලා තිබුණු රහස් අපි දෙන්නට තේරුණේ ඒ වෙලාවේ… 
ගබඩා කාමරෙන් කාලෙන් කළට ඇහෙන කර්කශ හඬ ගැන අපේ අම්මා අපිට දිගින් දිගටම අවවාද කරපු හැටි මතකයි…
“එතනට යන්න එපා… ඒ තාත්තා තියලා ගිය පරණ බඩු ටික විතරයි…”
ඒත් එදා ඒ දොර ඇරපු වෙලාවේ…. අර අබිරහස් කළු වඳුරා… උගේ අඳුරු දෑස්…  අතේ තියන් හිටපු බෙරේ… ඒකෙන් නිකුත් වුණ 
මූසල මළගිය නාදය මගේ හිතේ හැම බියක්ම මැවිලා ආවා වගේ දැනුණු ඒ මොහොත තාමත් හීනෙන් වගේ මතකයි…
 
 

ස්ටීෆන් කිං මහතාගේ 1980 කෙටිකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණ The Monkey චිත්‍රපටය ඇමරිකානු විකට බිහිසුණු චිත්‍රපටයක් වන අතර, ඔස්ගුඩ් පර්කින්ස් විසින් තිරරචනය සහ අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා. තියෝ ජේම්ස්, ටැටියානා මස්ලනි, එලිජා වුඩ්, ක්‍රිස්ටියන් කොන්වරි, කොලින් ඔ’බ්‍රයන්, රොහාන් කැම්බෙල් සහ සාරා ලෙවි වැනි ප්‍රවීණ නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා.

මෙම චිත්‍රපටය සඳහා නිල පූර්ව ප්‍රචාරක පටය 2025 ජනවාරි 16 වන දින නිකුත් කරන ලද අතර, එය පැය 24ක් තුළ මිලියන 43 කට වැඩි පිරිසක් විසින් නරඹා තිබෙනවා. පසුව පැය 72 ක් ඇතුළත, එය මිලියන 100 කට වැඩි නරඹන්නන් ගණනක් ලබා ගනිමින්, ස්වාධීන Horror චිත්‍රපට පූර්ව ප්‍රචාරක පටයක් සඳහා ඉහළම නරඹන්නන් ගණනක් ලබා ගත් බව නියෝන් සමාගම ප්‍රකාශ කළේය.

මුලින්ම ස්ටීෆන් කිං ගේ “The Monkey” කෙටිකතාවේ චිත්‍රපට අයිතිය තිබුණේ ෆ්‍රෑන්ක් ඩරබොන්ට් අධ්‍යක්ෂවරයා සතුවයි. ඔහු The Mist (2007) චිත්‍රපටය අවසන් කළ පසු මෙය නිර්මාණය කරන්න බලාපොරොත්තු වුණත් එය සිදු වුණේ නෑ.

චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් 2024 පෙබරවාරි 5 සිට මාර්තු 22 දක්වා වැන්කුවර් නුවරදී සිදු කෙරුණා.
ඔයාලට මතක ඇති ස්ටීෆන් කිං මහත්තයගේ මුල් කතාවේ තිබුණේ සින්බල් ගහන වඳුරෙක් වුණත් චිත්‍රපටයේදී සෙල්ලම් වඳුරා බෙර ගහන විදියට වෙනස් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි සින්බල් ගහන වඳුරාගේ හිමිකම් ඩිස්නි සමාගමට අයිති වෙලා තිබීම. මොකද ඒ වඳුරා Toy Story 3 චිත්‍රපටයේ චරිතයක් විදියට පෙනී සිටියා.

 

පෞද්ගලිකවම මම නම් කැමති සින්බල් එකට වඩා බෙරයට. මොකද ඒකට බය හිතෙනවා වැඩියි. ඉතින් මේක මෙහෙම වුණ එක හොඳයි. මේ ගැන ඔයාලගේ අදහසුත් පහළින් කියන්න. බෙරේටද කැමති නැත්තම් සින්බල් එකටද කියලා.

චිත්‍රපටය ලියද්දි පර්කින්ස් අධ්‍යක්ෂවරයා විකට සිදුවීම් එකතු කරන්න තීරණය කළේ සෙල්ලම් බඩුවක් ගැන කතාවකට ඒක වඩා ගැලපෙන නිසයි. ඒ වගේම ශාපලත් සෙල්ලම් බඩු ගැන හදපු වෙනත් බරපතල බිහිසුණු චිත්‍රපටි වලින් මේක වෙනස් කරන්නත් එයාට ඕන වුණා. Empire සඟරාවට කතා කරද්දි පර්කින්ස් කිව්වා චිත්‍රපටයේ විහිළු සහ විනෝදය හිතා මතාම සරල විදියට යොදාගෙන තියෙන බවත්, අතිශය ලේ වගුරුවන දර්ශන පවා විහිළුවට අරගෙන මරණය කියන දේ කොච්චර අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක පෙන්නන්න උත්සාහ කරන බවත්.

“මම කතාවේ මුල් අදහස ගොඩක් වෙනස් කළා. Atomic Monster සමාගමේ තිබුණු තිරකතාව ගොඩක් බරපතල එකක්. ඒත් මට දැනුණා ඒක වැඩියි කියලා. මේ සෙල්ලම් වඳුරා ඉන්න තැන්වල මිනිස්සු පිස්සු හැදිලා වගේ මැරෙනවා. ඉතින් මම හිතුවා ‘හ්ම්.. මට මේක ගැන හොඳට තේරෙනවා’ කියලා. මගේ දෙමව්පියන් දෙන්නම මැරුණේ පුදුම විදියට. ඒ මරණ දෙකම පත්තර වල පළ වෙන තරමට විචිත්‍ර ඒවා.”

“මම මගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ මේ වගේ කනගාටුදායක දේවල් වලින් ගොඩ එන්න මහන්සි වෙමින්. ඒවා කිසිම සාධාරණත්වයක් නැති දේවල් වගේ දැනුණා. දුක හැමදාම තමන් දිහාවට හරවගන්නවා – ‘ඇයි මේක මට වෙන්නේ?’ කියලා. දැන් මම වයසට ගිහින්. දැන් තේරෙනවා මේ වගේ දේවල් හැමෝටම වෙනවා කියලා. හැමෝම මැරෙනවා. සමහරු නින්දෙන්. තව සමහරු මට වුණා වගේ පිස්සු නටලා. ඒත් අන්තිමට හැමෝම මැරෙනවා. ඉතින් මට හිතුණා මේ පිස්සු නටපු අදහස ගැන හොඳම ප්‍රවේශය හිනාවෙන් බලන එක කියලා.”

 
 
ස්ටීෆන් කිං කියන්නේ ලෝක ප්‍රකට ඇමරිකානු ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධ නවකතාකරුවෙක්. එතුමා 1947 සැප්තැම්බර් 21 වැනිදා මේන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් නුවරදී උපත ලැබුවා. එතුමාගේ ප්‍රථම නවකතාව වුණේ 1974 දී එළිදැක්වූ “Carrie”. ඒ වෙනකොට එතුමා පාසල් ගුරුවරයෙක් විදියට වැඩ කරමින් හිටියේ. මේ නවකතාව මහා සාර්ථකත්වයක් ලැබුවා. ඊට පස්සේ එතුමා පූර්ණකාලීන ලේඛකයෙක් බවට පත්වුණා.
 

එතුමාගේ සුප්‍රකට නවකතා කිහිපයක් තමයි:

● The Shining (1977)
● Pet Sematary (1983)
● IT (1986)
● Misery (1987)
● The Green Mile (1996)
● Under the Dome (2009)

 
 
ස්ටීෆන් කිං ලියපු බොහෝ කතා චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා බවට පත්වෙලා තියෙනවා.
සමහර ඒවා ඉතාම සාර්ථක වුණා:
● The Shawshank Redemption (1994) – IMDb වල ඉහළම අගය ලබාගත් චිත්‍රපට වලින් එකක්
● The Green Mile (1999) – ටොම් හෑන්ක්ස් රංගනයෙන් දායක වුණු ප්‍රශස්ත චිත්‍රපටයක්
● IT (2017 සහ 2019) – අලුතෙන් නිර්මාණය කරපු දෙකොටසකින් යුත් චිත්‍රපටය
● Pet Sematary (1989 සහ 2019) – මුල් චිත්‍රපටයත්, නැවත නිර්මාණය කරපු චිත්‍රපටයත්
● The Stand (1994, 2020) – රූපවාහිනී කතා මාලා දෙකක්
● Under the Dome (2013-2015) – රූපවාහිනී කතා මාලාවක් 
 
මෙතන Under the Dome සීරිස් එකට මම ගොඩක් ආස කරනවා. වෙනස්ම අමුතුම මායාකාරී අත්දැකීමක් මේ සීරිස් එක බලලා අපිට ගන්න පුළුවන්. ස්ටීෆන් කිං කියන්නේ නම් අපේ භාෂාවෙන්ම කියනවා නම් ආයේ ”වැඩකාරයෙක්” තමයි. මෙතුමට තවත් දිගු කාලයක් අලුත් කතා ලියන්න ලැබෙන්නයි අපි එක්කම මේ ලෝකයේ ඉන්න ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු !! 
 
එතුමාගේ විශේෂත්වය තමයි සාමාන්‍ය ජීවිතේ සිදුවීම් එක්ක බිහිසුණු දේවල් මිශ්‍ර කරලා කතා ගොතන හැකියාව. උදාහරණයක් විදියට The Shining වල පවුලක් හෝටලයක නතර වෙලා ඉන්න කතාවක් තුළින් බිහිසුණු සිදුවීම් මාලාවක් ගොතනවා. IT වල ළමයි කණ්ඩායමක් සහ විකට රූපී මාරක චරිතයක් අතර ගැටුමක් විස්තර කරනවා.

එතුමා කෙටිකතාත් රාශියක් ලියලා තියෙනවා. ඒවා Different Seasons, Skeleton Crew, Everything’s Eventual වගේ කෙටිකතා එකතු විදියට එළිදක්වලා තියෙනවා. The Monkey චිත්‍රපටය පදනම් වෙන්නේත් එතුමාගේ කෙටිකතාවක් මත.

එතුමාගේ පොත් මිලියන ගණනක් විකිණිලා තියෙනවා. ත්‍රාසජනක සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදියට සලකන එතුමාව “භීතියේ රජු” (King of Horror) කියලත් හඳුන්වනවා. එතුමාගේ නිර්මාණ බොහොමයක් සාහිත්‍ය සම්මාන දිනාගෙන තියෙනවා. ඒ වගේම එතුමාට National Medal of Arts සම්මානයත් පිරිනමලා තියෙනවා.

ස්ටීෆන් කිං ගේ කතා චිත්‍රපට බවට පත් කිරීමේ ඉතිහාසයේ සුවිශේෂී ලක්ෂණයක් තමයි එතුමා එක එක අධ්‍යක්ෂවරුන්ට ඉතා අඩු මුදලකට (ඩොලර් එකක් වගේ) තමන්ගේ කතා චිත්‍රපට කරන්න අවසර දීම. මේවට Dollar Babies කියලා කියනවා. මේක එතුමා පටන් ගත්තේ නවක අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව දෙන්න.

එතුමා ලියන කතාවල සමහර චරිත නැවත නැවත පෙනී සිටිනවා. උදාහරණයක් විදියට Castle Rock කියන කල්පිත නගරය හා ඒ අවට සිදුවීම් රාශියක් එතුමාගේ කතා වල සඳහන් වෙනවා. The Dead Zone, Cujo, The Dark Half වගේ කතා මේ Castle Rock නගරයේ සිදුවෙන ඒවා.

එතුමාගේ පොත් කියවන අයට ගොඩක් ප්‍රියජනක නවකතාවක් තමයි The Dark Tower කතා මාලාව. මේක විද්‍යා ප්‍රබන්ධ, මැජික්, බටහිර චිත්‍රපට ආදී ලක්ෂණ එකතු කරපු පොත් අටකින් යුත් කතා මාලාවක්. මේක චිත්‍රපටයක් විදියටත් නිර්මාණය කළා. ඒත් එච්චර සාර්ථක වුණේ නෑ.

ඊට අමතරව Richard Bachman කියන නමින් එතුමා පොත් කිහිපයක් ලිව්වා. මේක එතුමා රහසින් කරපු දෙයක්. පස්සේ මේක හෙළි වුණා. Thinner, The Running Man වගේ නවකතා Richard Bachman නමින් ලියපු ඒවා.

කිං හොඳ ලේඛකයෙක් විතරක් නෙවෙයි, එතුමා ලේඛන කලාව ගැන On Writing කියලා පොතකුත් ලියලා තියෙනවා. මේක ලේඛකයන්ට වටිනා මගපෙන්වීමක් විදියට සලකනවා.

 
 
එතුමාගේ ජීවිතේ බරපතල සිදුවීමක් තමයි 1999 දී වාහන අනතුරකට ලක්වීම. මේ අනතුරෙන් එතුමාට දරුණු තුවාල සිදුවුණා. නමුත් ගොඩ ආවා.

මේ අත්දැකීම පස්සේ එතුමා Lisey’s Story වගේ නවකතා වල පාවිච්චි කළා.

මේ දවස්වල වුණත් එතුමා දිගටම ලියනවා. Holly, Later වගේ අලුත් නවකතා එළිදක්වලා තියෙනවා. එතුමාගේ කතා වලින් චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා හැදීම දිගටම සිදුවෙනවා. Mr. Harrigan’s Phone, Salem’s Lot වගේ චිත්‍රපට, The Outsider වගේ රූපවාහිනී කතා මාලා ඊට උදාහරණ.

ස්ටීෆන් කිං යනු සාහිත්‍යයේ සීමා මායිම් බිඳ දැමූ මහා ප්‍රතිභාසම්පන්න ලේඛකයෙක්. සරල ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ජීවිත, බිය, සතුට, දුක හා සිහින අල්ලාගෙන පාඨකයා වෙනතක් ගෙන යන්නට සමත් වූ එතුමාගේ නිර්මාණ ශක්තිය අතිවිශිෂ්ටයි.

 

වසර 50කට වැඩි කාලයක් තිස්සේ ලෝකයේ මිලියන සංඛ්‍යාත ජනතාවකට මානසික විනෝදය සැපයූ එතුමා, නව පරපුරේ ලේඛකයන්ට දොරගුළු විවර කර දුන් උදාර චරිතයක්. අද වන විට එතුමාගේ නිර්මාණ ලෝක සාහිත්‍යයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා. කලාත්මක බව හා ජනප්‍රියත්වය යන දෙකම එක සේ ඉහළින් පවත්වාගෙන යාමට සමත් වූ එතුමා, සැබවින්ම සාහිත්‍යයේ රජෙකි.

එතුමාගේ කතා තුළින් මතුවන මිනිස් ස්වභාවය, සමාජ යථාර්ථය, ආදරය, මිත්‍රත්වය හා මානව සබඳතා පිළිබඳ ගැඹුරු අවබෝධය තවත් ලේඛකයෙකුගේ නිර්මාණ වල දක්නට දුර්ලභයි. එතුමාගේ සෑම නිර්මාණයක්ම පාඨකයාගේ හදවතට කොතරම් සමීප වී තිබේද යත්, ඒවා කියවන්නා තමන්ගේම ජීවිතයේ කොටසක් බවට පත්කර ගනී.

මිනිස් සිතේ බිය ගැන තරමක් අවබෝධයක් ඇති කර ගනිමින්, එය කලාත්මකව ප්‍රකාශ කිරීමේ අතිදක්ෂයෙකු ලෙස ස්ටීෆන් කිං සදහටම සාහිත්‍ය ලෝකයේ අමරණීය වනු ඇත.

ඔන්න කතාව ගැන බොහොම කෙටියෙන්,

හල් සහ බිල් නම් සොහොයුරන් දෙදෙනාට නිවසේ උඩුමහලේ සිය පියාගේ පැරණි සෙල්ලම් වඳුරෙකුව හමුවීමත් සමඟ ඒ වටා බිහිසුණු විකාර රූපි මරණ මාලාවක් සිදුවෙයි. මේ අවාසනාවන්ත සිදුවීම් වලින් ගැළවෙන්න මේ සහෝදරයින් මේ වඳුරා විසි කර දමා වෙන වෙනම මාර්ග වල යනවා. නමුත් නැවතත් අබිරහස් මරණ ඇති වෙද්දි සහෝදරයන් දෙදෙනාට එකතු වෙලා මේ ශාපලත් සෙල්ලම් වඳුරා සදහටම විනාශ කරන්න උත්සාහ කරන්න සිද්ධ වෙනවා.

නළු නිළියෝ:
● තියෝ ජේම්ස් – හල් සහ බිල් ෂෙල්බර්න් ලෙස
● ක්‍රිස්ටියන් කොන්වෙරි – කුඩා හල් සහ බිල් ලෙස
● ටැටියානා මැස්ලැනි – ලොයිස් ෂෙල්බර්න්, හල් සහ බිල්ගේ මව ලෙස
● එලයිජා වුඩ් – ටෙඩ් හැමර්මන් ලෙස
● කොලින් ඔ’බ්‍රයන් – පීටි, හල්ගේ පුත්‍රයා ලෙස
● රොහාන් කැම්පබෙල් – රිකී ලෙස
● සාරා ලෙවී – අයිඩා, හල් සහ බිල්ගේ ආච්චි ලෙස
● ඇඩම් ස්කොට් – කැප්ටන් පීටි ෂෙල්බර්න්, හල් සහ බිල්ගේ පියා ලෙස
● ඔස් පෙර්කින්ස් – චිප්, හල් සහ බිල්ගේ මාමා ලෙස
● නික්කෝ ඩෙල් රියෝ – පූජකයා ලෙස

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Subtiltes By

UD Shehan

(Baiscopelk)

IMDb Rating 6.1 33,197 votes
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Theo James isHal / Bill
Hal / Bill
Tatiana Maslany isLois Shelburn
Lois Shelburn
Christian Convery isYoung Hal / Young Bill
Young Hal / Young Bill
Adam Scott isCapt. Petey Shelburn
Capt. Petey Shelburn
Elijah Wood isTed Hammerman
Ted Hammerman
Rohan Campbell isThrasher / Ricky
Thrasher / Ricky
Sarah Levy isAunt Ida
Aunt Ida
Osgood Perkins isUncle Chip
Uncle Chip
Nicco Del Rio isRookie Priest
Rookie Priest

Similar titles

Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sicario (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jigra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Some Like It Hot (1959) Sinhala Subtitles
The Shadow in My Eye (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Death of Superman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Scorpion King (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan April 13, 2025 Reply

    Ok

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published