EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Pig, the Snake and the Pigeon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Shi-Hao Hong, Wong Ching-Po
Cast
Go Full Cast PageThe Pig, the Snake and the Pigeon (2023) ඉරණම් වෙනස් කළ බොරුවක්...
“සමහර විට,”
“ඒක වෙන්නැති ලෝකයේ වඩාත්ම ප්‍රයෝජනවත් බොරුව.”
එක බොරුවකට පුද්ගලටයෙකුගෙ ඉරණම විතරක් නෙවෙයි රටක , සමාජයකම ඉරණම වුනත් වෙනස් කරන්න පුළුවන්.ඔව් ඒ වගේ කතාවක් තමයි මේ.කතාවෙ නම The Pig, the Snake and the Pigeon (2023) .මේක IMDB 7.6 ගත්ත ලස්සන ෆිල්ම් එකක්.
කතාව පැත්තට හැරුනොත් අපේ කතා නායකයගෙ නම චෙන් කුයි ලින්.මොහු අවුරුදු 04කට කලින් දරුණු අපරාදයක් කරල සැඟවිලා ඉන්නෙ.මෙයාගෙ ආච්චිගෙ මරණයෙන් පස්සෙ මෙයාට දැන ගන්න ලැබෙනවා මොහුට මාරාන්තික පෙනහළු පිළිකාවක් තියෙනවා කියලා.ඉතින් මෙයාට ඕන තමන් මැරුනත් මිනිස්සුන්ට ඔහුව අමතක නොවෙන විදියෙ වැඩක් කරන්න.හැබැයි ඒකට ඔහු තෝර ගන්නෙ වෙනස්ම මාර්ගයක්.
ඉතින් මොකද්ද ඔහු මේ තෝර ගත්ත මාර්ගය ? මොකද්ද මේ ගොඩක් අයගෙ ඉරණම වෙනස් කරපු බොරුව ? මේවට උත්තර හොයා ගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේ මගේ දෙවනි උපසිරසි ගැන්වීම.ඒ නිසා අඩු පාඩු නම් ඇතිි.ඒවට නම් සමාවෙන්න.එහෙනම් තවත් උපසිරසි ගැන්වීමකින් හමුවෙමු.












