EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔන්න කාලෙක ඉඳන් හැමෝම බලන් හිටපු ප්‍රභාස්ගේ අලුත්ම ෆිල්ම් එක, “The RajaSaab” පහුගිය ජනවාරි 9 වෙනිදා රිලීස් වුණානේ. සලාර් (Salaar) සහ කල්කි (Kalki) ෆිල්ම්ස් වලින් පස්සේ ප්‍රභාස් ආයෙම ටිකක් වෙනස්ම Genre එකකට බැහැලා තියෙනවා. මේක Fantasy Horror Comedy (හොල්මන් සහ විහිළු මිශ්‍ර) කැටගරි එකේ ෆිල්ම් එකක්.

කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නෑ, මොකද ත්‍රිල් එක නැතිවෙන නිසා. සරලවම කිව්වොත් මේකයි සෙට් එක තමයි අපේ කථා නායකයා, ඒ කියන්නේ රාජාසාබ් (ප්‍රභාස්) එයාගේ නැතිවුණ සීයා, කනකරාජුව හොයාගෙන යන ගමනක් තමයි මූලික ප්ලොට් එක වෙන්නේ. මේ සීයා එක්සෝසිස්ට් කෙනෙක්, ඒ කියන්නේ යකදුරෙක් වගේ චරිතයක්. ඉතින් මේ සීයා හොයන ගමනේදී රාජාසාබ්ට අද්භූත පරණ මන්දිරයකට යන්න වෙනවා. අන්න එතනින් තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. එතන තියෙන අද්භූත බලවේග මොනවද? සීයාට මොකද වුණේ? කියන එක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ෆිල්ම් එක කොහොමද? (ඇත්ත තත්ත්වේ)

දැන් කතාව මෙහෙමයි. ෆිල්ම් එක රිලීස් වෙලා තාම ටික දවසයි වුණාට, ලැබෙන ප්‍රතිචාර නම් දෙපැත්තට බෙදිලා තියෙන්නේ. විචාරකයෝ ගොඩක් අය කියන්නේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ටිකක් දුර්වලයි කියලා. කතාවේ සමහර තැන්වල ලොජික් අවුල් සහ අනවශ්‍ය විදියට ඇදලා තියෙනවා කියන චෝදනාව තියෙනවා. ලොකු “වාව්” ෆැක්ටර් එකක් නෑ කියල තමයි ගොඩක් රිවීව්ස් වල තියෙන්නේ.

බොක්ස් ඔෆිස් තත්ත්වේ

රිවීව්ස් ටිකක් නෙගටිව් වුණාට මොකද, ප්‍රභාස්ගේ නම නිසා බොක්ස් ඔෆිස් වල නම් ෆිල්ම් එක රිලීස් වුණ පළවෙනි දවසෙම ලෝකේ වටෙන්ම කෝටි 100 පන්නලා හොයන්න මේකට පුළුවන් වුනා.

ඔයා ප්‍රභාස්ගේ ඩයි-හාඩ් ෆෑන් කෙනෙක් නම්, නැත්නම් නිකන් ඔළුව නිදහස් කරගන්න ෆැන්ටසි හොරර් එකක් බලන්න ඕන නම් මේක ට්‍රයි කරාට පාඩුවක් නෑ. හැබැයි “බාහුබලි” හෝ “සලාර්” වගේ ලොකු ගැම්මක් නම් බලාපොරොත්තු වෙන්න එපා.

අන්තිමට පොඩි ඉඟියක් දෙන්නම්, ෆිල්ම් එක ඉවර වෙනකොටම නැගිටලා යන්න එපා. දෙවෙනි කොටසක් එනවා කියල පොඩි හින්ට් එකක් තියෙනවා (“RajaSaab 2: Circus 1935” කියලා).

Comments

February 7, 2026

The Little Buddha Movie එක දෙන්නකො Brother Plz🤧❤️

February 10, 2026

Prabhas ගෙ දැක්ක මෙලෝ වැඩක් නැති ෆිල්ම් එකක්…😒😒