EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Ritual (2017) | ඇදහිල්ල

 

මේ ෆිලුම 2017 එන්න තිබුනට ඇත්තටම ආවේ 2018 දී. ඇවිල්ලා නම් දැන් සති 3ක් වගේ වෙනවා. මේක netflix වලින් කරපු ෆිලුමක්. ඉතින් ෆිලුම් ගැන දන්නා කෙනකේ නම් අරගෙන බලනවා ෂුවර්. horror කියන කාණ්ඩයට අයත් මේ ෆිලුම විනාඩි 90ක් එහෙම නැතිනම් පැය 1යි විනාඩි 30ක ධාවන කාලයක් තියෙනවා. ඒ වගේම IMDB ලකුණු 6.5 අරගෙන තියෙනවා. ඒ වගේම මේ ෆිලුම British Independent Film Awards වලදී Best Effects වලට හිමි සම්මානය දිනාගෙන තියෙනවා වගේම Sitges – Catalonian International Film Festival වලදී හොදම නළුවා ට හිමි සම්මානය මෙහි රගපාන Rafe Spell (ලුක් ) විසින් දිනාගෙන තියෙනවා.

දැන් එහෙනම් කතාව පැත්ත හැරෙමු. යාළුවො 5 දෙනෙක් සෙට් වෙලා බොනවා. කැම්පස් එකේ යාළුවො කාලෙකට පස්සේ සෙට් වෙලා බොනවා. ඉතින් කස්ටිය සෙට් උණු එකේ විනෝද සවාරියක් යන්න තැන් ගැන කතා කරනවා. හැබැයි අවසාන තීරණයක් ගන්නේ නැතුව කස්ටියම එළියට එනවා. ඒ ඇවිල්ලා පොඩි වෙලාවකින් හිතුවේ නැති විදියට මේ පස්දෙනාගේ එක් කෙනෙක් වෙන රොබ්ට මේ ලෝකය හැරයන්න සිදුවෙනවා. ඉතින් ඉතිරි යාලුවෝ 4 දෙන තීරණය කරනවා රොබ් ට කරනා ගරුකිරීමක් විදියට රොබ් කියපු තැනට යන්න. ඒ කොහේද ඒ? ඒ ගැන ඔයාලට කතාවෙන් බලාගන්න පුළුවන්.

ඉතින් මේ ගමන යද්දී කණ්ඩායමේ සගයෙක්ගේ කකුලේ ආබාධයක් වෙනවා. ඒ නිසා එයාල යන්න තියෙන මාර්ගයේ යන්නේ නැතිව කෙටි මාර්ගයකින් යන්න තීරණය කරනවා. ඉතින් මේ කෙටි මාර්ගය ඇත්තටම කෙටි මාර්ගයක් වෙයි ද? සවාරිය යන අයට ආපහු එන්න පුළුවන් වෙයි ද? ඇත්තටම මොකද වෙන්නේ? තව විස්තර කිවුවොත් කතාවේ රස නැතිවෙන නිසා මෙතනින් නවතිනවා.

Comments