CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2275 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 11, 2024United States104 Min.
Your rating: 0
9.6 50 votes
Transformers One (2024) | පරම හතුරන් වූ අඹ යහළුවන්

 

ඉතින් 2017 වසරේ නිකුත් වුණු මයිකල් බේ ගේ Transformers: The Last Knight එකට පස්සේ 2024 වසරෙදී තමයි අලුත් Transformers චිත්‍රපටියක් සිනමාහල්වලට එන්නේ. මයිකල් බේගේ චිත්‍රපටිවලට ස්ටෝරිය හරි නැතිවුණාට CGI සහ ඇක්ෂන් නම් උපරිමයි. මේ චිත්‍රපටියෙන් නම් ඔයාලට සුපිරි ස්ටෝරියකුත්, හොඳ ඇනිමේෂන් ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි.

ඉතින් චිත්‍රපටියට මේ වෙනකොට IMDb දර්ශකයේ 7.8ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 89%ක අගයකුත් ලැබී තිබෙනවා. ඉතින් ෆිල්ම් එක හොඳ බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Cooley විසින්. Chris Hemsworth (ඔරායන් පැක්ස්), Brian Tyree Henry (ඩී-16), Scarlett Johansson (එලීටා-1), Keegan-Michael Key (B-127), Jon Hamm (සෙන්ටිනල් ප්‍රයිම්) ආදී බොහොමයක් ප්‍රසිද්ධ නළු නිළියන් හඬකැවීමෙන් දායක වෙනවා. සාමාන්‍යයෙන් ෆිල්ම් එකකට අවධානෙ ගන්න celebrity voice actors ලා පාවිච්චි කරන එකට මං වැඩිය කැමති නැති වුණාට, මේ සෙට් එකේ voice acting නම් ඇත්තටම හොඳ මට්ටමක තියෙන බව කියන්න ඕනේ.

ඉතින් ස්පොයිල් නොවෙන විදියට කතාව ගැනත් පොඩ්ඩක් කියලා හිටින්නම්කෝ. ට්‍රාන්ස්ෆෝමර්ස් බලපු හැමකෙනෙක්ම දන්න දෙයක් තමයි කතාවේ ප්‍රධානම වීරයා ඔටෝබොට්ලගේ නායකයා වන ඔප්ටිමස් ප්‍රයිම් බවත්, එයාගේ පරම හතුරා ඩිසෙප්ටිකොන්ලගේ නායකයා වන මෙගට්‍රෝන් බවත්. මෙයාලා සයිබට්‍රෝන් කියන විනාශයට පත්වුණු ග්‍රහලෝකයේ ඉඳන් පෘථිවියට ආව පිටසක්වළයින්. මෙයාලට පුළුවන් තමන් කැමති ඕනම වාහනයක් බවට පරිවර්තනය වෙන්න හෙවත් ට්‍රාන්ස්ෆෝම් වෙන්න.

කොහොමහරි, දැන් මෙගට්‍රෝන් සහ ඔප්ටිමස් ප්‍රයිම් පරම හතුරෝ වුණාට, ඉස්සර එයාලා ගජ යාළුවෝ. ඉස්සර කියලා අදහස් කරන්නේ සයිබට්‍රෝන් විනාශ වෙන්න කලින්. ඉතින් මේ කතාවෙන් ඔයාලට එයාගේ යාළුකම, කෙමෙන් කෙමෙන් එදිරිවාදීකමක් වෙන හැටි බලාගන්න පුළුවන්. ෆිල්ම් එකේ emotional moments කීපයකුත් තියෙනවා. ඒවගේම අනිත් Transformers ෆිල්ම් වලට සාපේක්ෂව මේකේ තියෙන විශේෂ දෙයක් තමයි මනුස්ස චරිත කවුරුවත් නැති වීම සහ කතාව සම්පූර්ණයෙන්ම සයිබට්‍රෝන්වල සිදුවන කතාවක් වීම.

ඒවගේම Transformers: One ගැන කතා කරනකොට @TFHypeGuy ව නම් අමතක කරන්න බෑ. මොකද ඇනිමේටඩ් ෆිල්ම් එකක් නිසා මිනිස්සුන්ගේ අවධානයට වැඩිය ලක් වුණේ නැති මේ ෆිල්ම් එක ප්‍රමෝට් කරන්න මිනිහා X හෙවත් Twitter හරහා සෑහෙන්න මහන්සියක් වුණා. ඇත්තටම මගේත් මතය මේක බොක්ස් ඔෆිස් හිට් වෙන්න තිබුණ ෆිල්ම් එකක් bad marketing සහ ඇනිමේටඩ් චිත්‍රපටියක් වීම නිසා වැඩිය ආදායමක් උපයන්න අසමත් වුණා කියන එකයි. Bad marketing එක නම් තනිකර Paramount ලගේ වැරැද්ද. ෆිල්ම් එකට ආව මුල්ම trailers වලින් පෙන්නුවේ film එකේ තියෙන cringe, හිනායන moments ටික මිසක් emotional ස්ටෝරිය නෙමෙයි.

ඒත්, ෆිල්ම් එක හොඳද නැද්ද කියලා තීරණය කරන එක ඔයාලට භාරයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සනුප රන්මෙත් (Baicope)
IMDb 7.8 /10 17,423 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Josh Cooley
Director

Cast

Chris Hemsworth isOrion Pax / Optimus Prime (voice)
Orion Pax / Optimus Prime (voice)
Brian Tyree Henry isD-16 / Megatron (voice)
D-16 / Megatron (voice)
Scarlett Johansson isElita-1 (voice)
Elita-1 (voice)
Keegan-Michael Key isB-127 (voice)
B-127 (voice)
Jon Hamm isSentinel Prime (voice)
Sentinel Prime (voice)
Steve Buscemi isStarscream (voice)
Starscream (voice)
Laurence Fishburne isAlpha Trion (voice)
Alpha Trion (voice)
Vanessa Liguori isAirachnid (voice)
Airachnid (voice)
Jon Bailey isSoundwave (voice)
Soundwave (voice)
Jason Konopisos-Alvarez isShockwave / Guard 2 (voice)
Shockwave / Guard 2 (voice)

Similar titles

A Goofy Movie (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Manamey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Idea of You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nibunan (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Murder Mystery 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unit 262 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naa Peru Surya Na Illu India (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black Water (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • pasindu madushanka October 25, 2024 Reply

    thanks cinesubs mama balapu taransformers movies valin hodama storiya tiyenne mekata , emotional moment thiyana nisa patta

  • Nuwan October 28, 2024 Reply

    ❤️👍

Leave a Reply to pasindu madushanka Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published