EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageපියවරුන් දෙන්නෙක්
ආයුබෝවන්, ඔන්න අදත් උණු උණුවෙම මලයාලම් ත්‍රිලර් එකක උපසිරැසියක් ගේනවා. අද උදේ OTT Release උන බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලා ගෙන හිටපු 2026 මුල්ම චිත්‍රපටියක්. රසිකයින් ගොඩක් බලාපොරොත්තු තබා ගෙන හිටපු මේ චිත්‍රපටය 2026 ජනවාරි 30 දා තමයි තිරයට නිකුත් වෙන්නෙ. Jeethu Joseph ගැන නොදන්න මලයාලි රසිකයෙක් නැති තරම්. මලයාලම් ත්‍රිලර් ගැන කිව්වොත් මෙයාව කොහොමටවත් අමතක කරන්න බෑ. මේ දිනවල නැවතත් බොහෝ සේ කතා බහ වෙන චිත්‍රපටයක් තමයි Drishyam. ඉතින් මැයි මාසෙ ඒකෙ තුන් වෙනි කොටස තිර ගත වීමට නියමිතයි. ඊට අමතරව 12th Man, Kooman, Neru, Nunakkuzhi, Mirage වැනි චිත්‍රපටත් අධ්‍යක්ශණය කරන්නෙ මේ Jeethu Josephම තමයි. ඒ නිසා මේ චිත්‍රපටය ගැනත් රසිකයන් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. මේකෙ ප්‍රධාන චරිත දෙකත් ඒකට හේතු උනා. ඒ මලයාලි සිනමාවෙ විශිෂ්ඨතම රංගධරයින් දෙපළක් වන බිජු මෙනන්, ජෝජු ජෝජ් දෙපළ. කෙසේ නමුත් වාණිජ අතින් නම් මේක කේරළය (දැන් කේරළම්) තුල එතරම් සාර්ථකත්වයක් දැක්වූයේ නෑ, ජීතුගෙ චිත්‍රපට වල යෙදෙන සංකීර්ණ සමීකරණ වගේ ගැටළු ලිහා ගන්න ප්‍රේක්ෂකයො මැළි කමක් දක්වනවද මන්දා. ඒත් මගේ මතේ නම් මේක තවත් විශිෂ්ඨ මලයාලම් ත්‍රිලරයක්.
තාත්තලා මොන විදිහෙ පුද්ගලයින් උනත් තම දරුවන්ට දක්වන සෙනෙහස ත්මයි මේ චිත්‍රපටය යටින් දිවෙන්නෙ. ජෝජු සහ බිජු මේකෙදි එකිනෙකාට හාත් පසින් වෙනස් චරිත දෙකක්. ඉතින් ඔවුන් තුල දරුවන්ට ඇති ආදරය වෙනස් පරිසරයන් සහ වාතාවරණයන් වලදී කෙසේද යන්න කිය වෙනවා. කෙලින්ම ගත්තොත් එක තාත්තෙක්ගෙ දියණියක් අතුරුදහන් වෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්නෙ තවත් තාත්තෙක් වෙන පොලිස් පරීක්ෂකයෙක් වෙත. කෙසේ වෙතත් දියණියගේ අතුරුදහන් වීම ගැන සැකය පොලිස් පරීක්ෂකයා වෙත යොමු වෙද්දි ඒ පියා ඒ පිළිබඳ සොයා යනවා. අවසානයේ අචින්ති තම්පි… තමයි. ඉතිං ජීතුගේ ගැට ලෙහා ගෙන මේක බලන්න.
මේකෙ ඉතිං ජෝජු සහ බිජු ලස්සන රංගනයක නිරත වෙනවා. ඒකෙන් බිජු මෙනන්ගෙ රංගනය නම් ඉතා ඉහළින් තියෙන බව කියන්න ඕනෙ. දැඩි පීඩනයක් යටතේ එක පිට එක එන කරදර ගොඩක් මැද්දේ ඉතා කුප්‍රකට අතීතයක් ඇති පොලිස් නිලධාරියෙක්ගේ අසීරු
චරිතයක් ඔහු රඟ පාන්නේ. ලියෝනා ලිශෝයි, ලේනා වැනි නිළියන්ද මේකෙ දැක ගන්න පුළුවන්.



