EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මරණය තවම නිදැල්ලේ!

ෆිල්ම් එකේ නමේම තියෙන මේ විසිල් එක නිකන්ම හදපු බොරුවක් නෙවෙයි. Aztec Death Whistle කියන්නේ පුරාණ මායා සහ ඇස්ටෙක් ශිෂ්ටාචාර වල ඇත්තටම පාවිච්චි කරපු භාණ්ඩයක්. ඒකෙන් එන්නේ හරියට මිනිහෙක් මරණීය වේදනාවෙන් කෑ ගහනවා වගේ මාරම බය හිතෙන සද්දයක්. පුරාවිද්‍යාඥයෝ කියන විදිහට මේවා යුද්ධ වලදී සතුරන්ව බය කරන්න වගේම, බිලි පූජා වලදී පාවිච්චි කරලා තියෙනවා. මේ ඇත්තම ඉතිහාසය පදනම් කරගෙන Owen Egerton කියන රචකයා ලියපු කෙටිකතාවක දිගුවක් විදිහට තමයි ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නෙ. ​මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Corin Hardy. ඔහු කලින් අධ්‍යක්ෂණය කරපු The Nun (2018) ෆිල්ම් එක නිසා ලෝකෙම ප්‍රසිද්ධයි.
ගොඩක් විචාරකයෝ කියන විදිහට මේ ෆිල්ම් එක හරියට “Final Destination” සහ මෑතක ආපු “Talk to Me” කියන ෆිල්ම්ස් දෙකේ එකතුවක් වගේ. හැබැයි මේකේ වෙනසකට තියෙන්නේ නිකන්ම මැරෙනවා වෙනුවට, කෙනෙක් අනාගතේ මැරෙන්න නියම වෙලා තියෙන විදිහටම වර්තමානෙදි මැරෙන එක. උදාහරණයක් විදිහට අනාගතේ කාර් ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න ඉන්න කෙනෙක්, කාමරේ තනියම ඉද්දි ඇක්සිඩන්ට් එකක් වුණා වගේ තුවාල වෙලා මැරෙනවා. මේ වගේ දේවල් වලට VFX සහ Practical Effects පාවිච්චි කරලා R-rated විදිහටම නිර්මාණය කරලා තියෙනවා. කොහොමහරි මට නම් Final Destination ෆිල්ම් සෙට් එකට වඩා මේක ඇත්තටම තාත්විකයි කියලා දැනුණා.
ඉතින්, ටිකක් කරුවල වෙලාවක නිදහසේ බලන්න වටින ෆිල්ම් එකක් විදිහට මම මේ ෆිල්ම් එක හඳුන්වන්න කැමතියි. කොහොම නමුත් මේකට IMDb මීටරේ නම් මේ වෙද්දි කැරකිලා තියෙන්නෙ 5.5 වගේ අගයකට.
ඉතින් ආරාධනා කරන්න තමන්ගේ මරණය තමන් විසින්ම වේලාසන කැඳවගත්තොත් මොන වගේ වෙයිද කියලා බලන්න.

Comments