

සොන් වු-හේ කියන්නෙ එයාගෙ ළමා කාලෙදි ගොඩක් ප්‍රසිද්ධ ළමා නළුවෙක්. එයා වටේ හිටිය වැඩිහිටියො නිසා එයාට ඒ තැන නැතිවෙනවා. අමාරු කාලසීමාවන් කොමහරි පහු කරගෙන ඇවිල්ලා එයා එයාගෙ යොවුන් වියේදි නවකතාකරුවෙක් වෙනවා. අවුරුදු 19 දි සොං ජේ-යොන් එක්ක විරසක වුනත් එයාලා ආයෙමත් මුණගැහෙනවා. ඒ වු-හේ කරගෙන යන මල් කඩේදි.. වු-හේ, ජේ -යොන් එකිනෙකාගෙ පළවෙනි ආදරය වුනා වගේම දැන් එයාලගෙ සම්බන්ධය නතර වෙලත් අවුරුදු 10කටත් වැඩියි. අහම්බෙන් හමු වුන එයාලා දෙන්නටම එයාලගෙ අතීතය ආයෙම මතක් වෙනවා. ජේ-යොං සමාගමක කණ්ඩායම් නායිකාවක් විදිහට වැඩකරනවා. ඉස්සර එයාලා ධනවත් පවුලක් උනත් පස්සෙ එයාලගෙ පවුල එකපාරටම බංකොළොත් වෙනවා. ජේ-යොංට ඕනෙ එයාගෙ සාර්ථකත්වය ළඟාකරගන්න. එතකොට වු-හේව මුණගැහෙන්න ගිය එකත් එයාගෙ ඉලක්කයක් වෙන්න පුලුවන්.
වු-හේ.. ජේ-යොං අතර තිබ්බ සම්බන්ධය ආයෙමත් පටන් ගනියිද?
ඇයි ඒ දෙන්නා වෙන් වුනේ?
ජේ-යොං හොයන සාර්ථකත්වය මොකක්ද?
වු-හේ ආයෙත් රඟපායිද?
සොං ජුං-කි ගෙ හිතට අල්ලපු Romance ඩ්‍රාමා එකක් ආවෙ 2016 Descendants of the Sun කතාමාලාවෙන් පස්සෙ කිව්වොත් මම හරි. The Innocent Man ඩ්‍රාමා එකේ පෙනුමට සනාමකම් කියන My Youth ඩ්‍රාමා එකෙන් අපි ඉස්සර කතාවල දැකපු අදටත් දකින්න ආස Vibe එක තියෙනවදෝ කියලත් හිතුනා. දැනටනම් මේක බලන්න ආස හිතෙන ඔලුවට සැනසීමක් දැනෙන කතාවක්. ඉස්සරහට කොහොම වෙයිද කියලා බලාගෙන යමු.











