CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Vigilante (2023) TV S01 Complete

Vigilante (2023) TV S01 Complete

Nov. 08, 2023
Your rating: 0
8.4 16 votes

TV Series Info

Disney + ලගෙ The Worst of Evil උණුසුම කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම Moving, The Worst of Evil පවුලේ නවතම සාමාජිකයා තමයි Vigilante කියන්නෙ. කලින් කතා දෙක වගේම මේකත් අයිති වෙන්නෙ  Action, Thriller, Crime වර්ගීකරණයන්ට. පැයකුත් විනාඩි පහක ධාවන කාලයක් හිමිවෙන Vigilante නොවැම්බර් 80 වෙනිදා සිටවිකාශය වීමට නියමිතයි. අනිත් ඩ්‍රාමා දෙක වගේම අනිවාර්යෙන්ම මේකත් සුපිරියක් වෙයි. Disney + ලගෙ Korean OTT Content Team එක Disney + Company එකෙන් ඉවත් වෙලා තියෙන නිසා Vigilante එකෙන් පස්සෙ Disney + ලගෙ එන Korean Content මේ වෙද්දි අවිනිශ්චිත වෙලා තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා. Start-Up, One Way Trip චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Choi Jeong Yeol ගේ අධ්‍යක්ෂණයක් වන මෙය වෙබ්ටූන් එකක් පාදක කරගෙන නිර්මාණය වුන කොටස් අටකින් සමන්විත කතාමාලාවක්.

විශේෂම කාරණාව Nam Joo Hyukගේ නොදුටු පැතිකඩක් අපිට මේ කතාමාලාවෙන් දැක බලාගැනීමට හැකිවේවි. Joo Hyuk රඟපාපු Who are you school, Weightlifting Fairy Kim Bok Joo, The bride of Habaek, The light in your eyes, The school nurse files, Start up, Twenty five Twenty one කියන කතාමාලා එක්ක බැලුවම Vigilante කියන්නෙ ඔහුගේ රංගන ජීවිතේ එක්තරා පෙරළියක් සිද්ධ වෙන කාරණයක් කියලත් පැහැදිලිව කියන්න නම් පුලුවන්.

Nam Joo Hyuk ට අමතරව පහත නළු නිළියන් ප්‍රධාන චරිත වලින් එකතුවෙන අතර ඔවුන් රංගනයෙන් දායක වුන නමගිය ටෙලිකතා චිත්‍රපට ඔයාලයත් හොඳට හුරුපුරුදුද බලන්නකෝ.

Yoo Ji Tae  Money (Heist: Korea – Joint Economic Area – Part 1 /2, Mad Dog, Healer) 

Kim So Jin (Through the Darkness, Emergency Declaration, Escape from Mogadishu) 

Lee Joon Hyuk (City Hunter, The Spring Day of My Life,  Are You Human Too?, A Poem a Day, Stranger,  Dark Hole, 365: Repeat the Year)

කතාව පැත්තට හැරුණොත්….

කිම් ජි යොං පොඩි කාලෙදි එයාගෙ අම්මව මහමඟදී පහර දීලා මරලා දානවා. ඒත් අපරාධකාරයට ලැබෙන්නෙ අවුරුදු තුනහමාරක සිරදඬුවමක් විතරයි. හැඩි දැඩි තරුණයෙක් වුන කිම් ජි යොංට ඒ අපරාධකාරයා කිසිසේත්ම වෙනස් වී නොමැති බවක් වැටහෙනවා. ඉතින් ජි යොං ඔහුට දරුනු විදිහට පහර දෙනවා.

පස්සෙ කිම් ජි යොං සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත දෙකක් ගත කරන්න පටන් ගන්නවා. සතියේ දවස්වල එයා පොලිස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහටත් සති අන්තයේ දී ඔහු සැහැල්ලු දඬුවම් ලැබූ අපරාධකරුවන්ට දඬුවම් කරන දිගටම අපරාධ ක්‍රියාවන් සිදු කරන  Vigilante නැමැති පුද්ගලයා බවටත් පත් වෙනවා.

ජි යොංට, චෝ කං ඔක්ගෙ උදව් ලැබෙනවා වගේම රහස් පරීක්ෂක චෝ හොන් Vigilante කියන පුද්ගලයා පසුපස හඹා යනවා.

ඉතින් එතනින් එහාට කතාව මොනවගේ වෙයිද කියලා අපි බලමුකෝ.

The Worst of Evil එකේ නම් පොඩි පොඩි අවුල් ගොඩක් තිබ්බා වගේම මට සෑහීමකට පත් වෙන්න පුලුවන් END එකක් තිබ්බෙ නම් නෑ. Vigilante සුපිරියක් වේවි කියලා මමත් බලාපොරොත්තු වෙනවා.

Vigilante (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.1 31 votes
First air date Nov. 08, 2023
Last air date Nov. 29, 2023
Seasons S01 Complete
Average Duration tt27458539 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Nam Joo-hyuk isKim Ji-yong
Kim Ji-yong
Yoo Ji-tae isJo Heon
Jo Heon
Kim So-jin isChoi Mi-ryeo
Choi Mi-ryeo
Lee Jun-hyuk isJo Gang-ok
Jo Gang-ok
Kwon Hae-hyo isLee Joon-yeop
Lee Joon-yeop
Lee Seung-woo isMin Seon-wook
Min Seon-wook
Lee Seo-hwan isKwak Chan-hyung
Kwak Chan-hyung

Video trailer

Similar titles

Mercy for None (2025) TV Series | Season 01 | Complete
Marvel’s Iron Fist (TV Series 2017-2018) TV S01 & S02 Complete
Hotel Del Luna (2019) TV Series | Season 01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
Love Under Construction (2025) TV Series | S01 | Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Ninja Kamui (2024) TV Season 01 EP01-13 | Complete
Extraordinary You (2019) TV S01 Complete EP01-32
Swamp Thing (2019) TV Series | Complete Season 01
Goblin TV Series (2016)  Sseulsseulhago Chalranhashin: Dokkaebi (2016-) Complete Season 01
Marry My Husband (2025) TV Series | S01 | Complete
The King of Desert (2022) TV S01 Complete

(1) comment

  • Anjula Sithum June 12, 2025 Reply

    Thanks for subs😌💖✨

Leave a Reply to Anjula Sithum Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published