EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ට්‍රෝජන් යුධ සෙවණැලි

මහ මුහුද කියන්නේ කවදාවත් විශ්වාස කරන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒ අඳුරු, ගැඹුරු දිය යට හැංගිලා තියෙන රහස් වගේම තමයි අවුරුදු දහස් ගාණක් පරණ මේ The Odyssey පුරාවෘත්තයත්. Christopher Nolan වගේ අතිවිශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් මේ වගේ අතීත, ගුප්ත කතාවක් අතට ගද්දි, ඒක නිකම්ම නිකම් සිනමාපටයක් වෙන්නේ නෑ කියලා අපි කවුරුත් දන්නවා. ඒත් හෝමර්ගේ මේ දැවැන්ත වීර කාව්‍යය සිනමාවට ගේනවා කියන්නේ එක අතකට දැලි පිහියකින් කිරි කනවා වගේ භයානක අභියෝගයක්. මොකද අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිස්සුන්ගේ හිත්වල පැළපදියම් වුණු දෙවිවරුන්ගේ, යක්ෂයින්ගේ සහ වීරයන්ගේ මනඃකල්පිත ලෝකය, එහි තියෙන ඒ පුරාවෘත්තමය ආත්මය කිසිම අඩුවක් නැතුව ඒ ගුප්ත බවත් එක්කම තිරයට ගේන එක කොහෙත්ම ලේසි නෑ. කොහොමහරි නෝලන් මේ අභියෝගය භාරගන්නේ මුළු ලෝකයක්ම පුදුම කරමින්.
​මේ කතාව ගැන හරියටම දන්නේ නැති කෙනෙක්ට මේ මුළු වීර කාව්‍යයම සරලවම මෙහෙම කියන්නම්. ට්‍රෝයි යුද්ධය දිනලා, ගොඩක් මිනිස්සු ලේ ගංගා මැද මැරිලා ගියාට පස්සේ, ඔඩිසියස් කියන මේ ප්‍රධාන වීරයාට ඕනේ වෙන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ පෙනෙලෝපිවයි, තමන්ගේ පුතාවයි දකින්න ආයෙත් ‘ඉතකාවට’ යන්න විතරයි. ඒත් මුහුදු දෙවියන් වෙන පොසයිඩන්ගේ දරුණු කෝපයට ලක්වෙන ඔහුට මේ ගෙදර යන ගමනට අවුරුදු දහයක් මුහුදේ අතරමං වෙලා දුක් විඳින්න වෙනවා. මේ ගමන මැදදි ඔහුට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි, මනස විකෘති කරන මායාකාරියන්ට, යෝධ රාක්ෂයින්ට සහ කවදාවත් ආපිට එන්න බැරි මළවුන්ගේ පාතාල ලෝකයට. සරලවම මේක හුදකලාව සහ මරණය එක්ක කරන සටනක්. මේ වගේ අවුරුදු දහයක් පුරා දිවෙන දිර්ඝ කතාවක්, සම්පූර්ණ වීර කාව්‍යයක් පැය තුනකටත් අඩු කාලයකින් තිරය මත දිග අරින්න නෝලන් පාවිච්චි කරලා තියෙන උපාය පුදුමාකාරයි. කතාවේ කිසිම තැනක අපිට කිසිම Skip කිරීමක් හෝ කලබලයක් දැනෙන්නේ නෑ. හරියට මහ මුහුදු රළක් වගේම කතාව මුල ඉඳන් අගටම එකම හුස්මට ගලාගෙන යනවා. එක මොහොතක අපිට හුස්ම ගන්න දෙන කතාව, ඊළඟ මොහොතේ ත්‍රාසයෙන් අපේ හදවත හිර කරනවා. මේ වේගය, මේ උද්වේගකර බව චිත්‍රපටය පුරාවටම තියෙනවා. ප්‍රේක්ෂකයාට තමන්ගේ ඇස් තිරයෙන් අහකට ගන්න බැරි වෙන තරමටම කතාවේ ගලායාම ප්‍රබලයි.
සාමාන්‍යයෙන් අපි දකින ෆැන්ටසි චිත්‍රපටවල වගේ පාට පාට මැජික් ලෝක, හුරුබුහුටි සත්තු මේකේ ආසාවටවත් නෑ. නෝලන් මේක හදලා තියෙන්නේ අපේ ඇඟේ හිරිගඩු පිපෙන තරම් තාත්වික, අඳුරු විදිහට. සාම්ප්‍රදායික ෆැන්ටසි රාමුවෙන් සම්පූර්ණයෙන්ම පිට පැනපු මේ නිර්මාණය ඇත්තටම කිව්වොත් Horror අත්දැකීමක්. සයිරන්වරුන්ගේ ගීතය ඇහෙන දර්ශනය ඇඟ කිලිපොළා යන තරමටම ගුප්තයි. ඒක නිකම් ලස්සන ගෑනු ළමයි සින්දු කියනවා වගේ නෙවෙයි, මනස ඇතුළටම කිඳාබහින විකාරරූපී බියකරු හීනයක් වගේ. ඒ වගේම යෝධ කරිබ්ඩිස් සුළියට අහුවෙන වෙලාවේ මුහුදු පතුලෙන් එන මරණයේ දෝංකාරය, ඒ වගේම පාතාල ලෝකයේ මළවුන්ගේ සෙවණැලි මැද තියෙන මූසල, නිහඬ බව ප්‍රේක්ෂකයාගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම කඩා වට්ටන්න සමත් වෙලා තියෙනවා. මේ අඳුරු, ගුප්ත ලෝකයට සම්පූර්ණයෙන්ම පණ දෙන්නේ Ludwig Göransson ගෙ මායාකාරී සංගීතය. සාම්ප්‍රදායික ඕකෙස්ට්‍රා සංගීතයෙන් මිදිලා, අමුතුම විදිහේ පෞරාණික වාද්‍ය භාණ්ඩ සහ හොඳ Bass ශබ්ද පාවිච්චි කරලා ඔහු නිර්මාණය කරපු මේ සංගීතය මේ චිත්‍රපටයට එකතු කරලා තියෙන්නෙ අමුතුම බරක්.
හැබැයි මේ හැමදේම එක්ක චිත්‍රපටයට ලොකු ආන්දෝලනයකුත් ඇති වුණා. විශේෂයෙන්ම හෝමර්ගේ මුල් කතාවේ තිබුණු සමහර මායාකාරී දේවල් නෝලන් තමන්ගේ විදිහට, ගොඩක් අඳුරු, යථාර්ථවාදී සහ මානසික පැතිකඩකට බර කරලා වෙනස් කරපු එක ගැන සමහර සම්ප්‍රදායික විචාරකයින්ට ප්‍රශ්න තිබුණා. චිත්‍රපටයේ තියෙන අතිශය දරුණු දර්ශන සහ ප්‍රචණ්ඩත්වය ගැනත් බොහෝ දෙනා කතා වුණා. ඔක්කොටම වඩා අපි දන්න කාරණය මේකෙ casting එක. නමුත්, casting එක නිසා මේ චිත්‍රපටය නොබලා ඉන්න හෝ බලන කෙනෙකුට බාධාවක් එහෙම ඇතිවෙන්න නෝලන් කිසිම ඉඩක් දීලා නැති බව මට පෞද්ගලිකව හිතුණා. කොහොමහරි, පහුගිය කාලයේ සාමාජ මාධ්‍යවල ඇතිවුණ මතගැටුම් වලින් ඔයා මේ චිත්‍රපටය ගැන මොන වගේ අදහසක් ඔයාගෙ මනසේ ඇඳී තිබුණත්, මට කියන්න තියෙන්නෙ The Odyssey කියන්නෙ ඔයා අනිවාරෙන් සිනමා ශාලාවක නරඹලාම බුද්ධියෙන් නිගමනය කළ යුතුම චිත්‍රපටයක් කියලයි.
සිනමා ශාලාවකට ගිහින් බලන්න බැරිම කෙනෙක් මේ CAM පිටපත බැලුවොත් මිසක්, හැකියාවක් තියෙන කෙනෙක් නම් පුලුවන් තරන් සිනමා ශාලාවකටම යන්න, පුලුවන් නම් IMAX තිරයකට. මොකද පටන් ගැන්මේ සිටන් ලිපියේ කියපු කියපු චිත්‍රපටයේ ගුණාංගවලින් 50%ක්වත් මේ CAM කොපියෙන් බලන්න පුලුවන් වේවි කියලා මං හිතන්නෑ.
WEB රිලීස් වුණු සැණින් ඒකත් අප්ඩේට් කරන්නම්. එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු.

Comments