සිනමා රසිකයින් උන්මාදයෙන් බලා සිටි, 2026 වසරේ අපූර්වතම වෙබ් කතා මාලාව දැන් Mx Player නිල නාලිකාව ඔස්සේ නිකුත් කර තිබෙනවා. Crime/Comedy/Thriller ගණයට අයත් වන මෙම නිර්මාණය ප්‍රේක්ෂක මෙන්ම විචාරක පැසසුම් මධ්‍යයේ 7.2/10 ක ඉහළ IMDb අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.

Kaali වැනි අතිශය ජනප්‍රිය සහ සම්මානනීය වෙබ් කතා මාලාවන් අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්  අධ්‍යක්ෂකවරයෙකු වන Rohan Ghose විසින් මෙය නිර්මාණය කර තිබෙනවා.  තිර රචනය Rohan Ghose, Konarak Mukherjee සහ Reetarshi Dutta  විසින්. ප්‍රධාන චරිත සඳහා ඉන්දීය සිනමාවේ සුපිරි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන අතර, Mardaani 2 වැනි ජනප්‍රිය චිත්‍රපට හරහා තම රංගන කුසලතාවය පෙන්නුම් කළ Vishal Jethwa, Sacred Games හරහා කාගෙත් අවධානය දිනාගත් Amey Wagh සහ බෝජ්පූරි සිනමාවේ මෙන්ම බොලිවුඩයේද සුපිරි තරුවක් වන Ravi Kishan මෙහි ප්‍රධාන චරිත හොබනවනවා.

සරීබ්ගන්ජ් නම් නීති විරෝධී සහ අපරාධ බහුල නගරයක. රැකියා විරහිත මිතුරන් තිදෙනෙකු වන රාජු, ස්වපන් සහ ගෝල්ඩී අහඹු ලෙස මිනීමැරුම් සිදුවූ ස්ථාන පිරිසිදු කිරීමේ සහ මළසිරුරු අතුරුදන් කිරීමේ අමුතුම ආකාරයේ ව්‍යාපාරයකට පැටලී මුදල් සෙවීමේ අරමුණින් සිදුකරන  මෙම කාර්යය හේතුවෙන් ඔවුන් නොසිතූ ලෙස දරුණු කල්ලි කණ්ඩායම් අතර ගැටුම්, දේශපාලන කුමන්ත්‍රණ සහ මිනීමැරුම් ජාලයකට මැදිවෙනවා. පොලිස් නිලධාරීන්ගේ සහ ත්‍රස්ත කල්ලිවල ග්‍රහණයට හසුවන ඔවුන් තමන් විසින්ම නිර්මාණය කරගත් මෙම භයානක උගුලෙන් බේරීමට කරන අරගලය මෙම කතා මාලාව පුරා දැකගන්නට පුලුවන්.

 

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ Happy Heaven විසින්.

Comments