The WONDERfools (2026) : අමුතු විදියේ සුපිරි වීරයෝ

මුලින්ම කියන්න ඕනේ මම පෞද්ගලිකව ගොඩක් ආස නළුවෙක් තමයි චා ඉයුන් වූ, ලස්සන කතාවක් එනකන් මඟ බලාගෙන හිටියේ, ඉතින් මගේ ටයිප් එකට ගැලපෙන ලස්සන කතාවක් එයාගේ ආවේ මේ අවුරුද්දේ තමයි, එයාගේ ගොඩක් කතා වලට මම සබ් කලා, මම මුලින්ම සබ් කරන්න එකතු වුනොත් චා ඉයුන් වූගේ කතාවකින්, හැමෝටම Rookie Historian Goo Hae Ryung මතකයි නේද? ඉතින් එකෙන් පස්සෙ ආපු ලස්සනම කතාව තමයි True Beauty, ඊටපස්සෙ මම එයාගේ කතා වලට Island, Island Part 2, A Good Day to Be a Dog වගේ ගොඩක් කතා වලට ඔයාලට උපසිරැසි අරගෙන ආවා…

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, කොරියානු සිනමා ලෝලීන් ගොඩක් කල් බලාගෙන හිටිය විහිළු සහ කුතුහලය පිරුන The WONDERfools” 2026 අවුරුද්දේ ගොඩක් අය කතා වුන නිර්මාණයක්, මේකේ සුපිරි වීර (Superhero) ගණයේ කතාවක් වුනත්, අපි සාමාන්‍යයෙන් දකින හොලිවුඩ් වීරයොන්ට වඩා හාත්පසින්ම වෙනස් “අමුතු” වීරයෝ ටිකක් තමයි ඉන්නේ. ඉතින් මේ කතාවේ නම් පටබැඳුන අය තමයි ගොඩක් ඉන්නේ, අසමජ්ජාති කෙල්ල, රාජකීය අන්දරේ

(මෝඩයා කියලා එන්නේ) මම ගත්තේ “අන්දරේ” කියලා, බලු වැඩ කරන මාමා, අමුතු මහත්තයා, මේ කතාව බලනකොට මට නිකන්ම උචිනි අක්කා මට එවපු පොතක් මතක් වුනා, එකෙත් මේ වගේ අමුතු අය ගොඩක් ඉන්නවා සුරංගනා කතාවක් වගේ ඒ පොතේ නම තමයි The Enchanted Wood “මායා කැලේ හාස්කම්” පොත් කියපු කෙනෙක් නම් මේ කතාව බලනකොට සමානකමක් තේරෙයි.

කතාව ගෙතිලා තියෙන්නේ හේසොං කියලා සාමකාමී නගරයක් වටේ, මෙහේ ජිවත් වෙන මිනිස්සු වගයකට අහම්බෙන් සුවිශේෂී සුපිරි බලයන් ලැබෙනවා, එත් ප්‍රශ්නේ වෙන්නේ මේ බලය ලැබුන අයට ඒ බලයට කිසිම සුදුසුකමක් නැහැ, සුපිරි බලයක් තිබුනත් ඒවා හරියට පාවිච්චි කරන්න දන්නේ නැති මේ මෝඩ වීරයෝ නිසා මේ කතාව “Comedy-Action” ගණයට අයිති වෙනවා, මේ මෝඩයෝ ටික මොනවා කරයිද කියලා එහෙනම් අපි වැඩිය කතා කරන්නේ නැතුව කතාව බලලාම දැනගමුකෝ….

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ සුදිෂ්නි ජාසිංහ​ විසින්.

Comments

May 24, 2026

Thank you ❤️
Still shining dennako