මාරාන්තික සූදුව

කතාව ගැන කිව්වොත්, ජැක් වුල්ෆ් කියන්නේ පොලීසියට කොටුවෙන්න ඔන්න මෙන්න ඉන්න මහ මොළකාර අපරාධකාරයෙක්. මෙයා හදන්නේ තමන් මැරුණා කියලා බොරුවට රඟපාලා ඩොලර් මිලියන 30ක ඉන්ෂුවරන්ස් සල්ලි ටික ගන්නයි, ඒ වරද තමන්ගේ බිරිඳ වෙන නොරාගේ පෙම්වතා පිට පටවන්නයි.
හැබැයි නොරාටත් ඊට වඩා භයානක ප්ලෑන් එකක් තියෙනවා. ඒ ජැක්ව ඇත්තටම මරලා දාලා සල්ලි සේරම තනියම අයිති කරගන්න එක! අන්තිමේදී මේ ලේවැකි සූදුවෙන් දිනන්නේ කවුද කියලා කතාව බලලම දැනගන්න.
තව දෙයක් මේ ෆිල්ම් එක 18 ට වැඩි අය බලන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments