අදත් අපි cinesubz.lk එකෙන් ඔයාලා වෙනුවෙන් අරන් ආවේ සිනමාවේ හීන සහ පොලීසියේ යථාර්ථය අතර පැටලෙන සයිකලොජිකල් ත්‍රිලර් එකක් 🎬✨ ඒ තමයි Unmadham සිංහල උපසිරැසි එක්ක 🤍
Unmadham කියන නමේ තේරුම “උන්මාදය” = “පිස්සුව” “මානසික නොසන්සුන්කම” 👌 නම වගේම කතාවත් පොලිස් නිලධාරියෙක්ගේ මනසේ ගැඹුරටම යන ගමනක්.
Sony LIV වලින් stream වෙන මේ Malayalam ෆිල්ම් එක 2025 release වුනා. අධ්‍යක්ෂණය Kiran Das – මලයාල සිනමාවේ දක්ෂ Editor කෙනෙක්ගේ පළවෙනි අධ්‍යක්ෂණය. තිර රචනය Shahi Kabir – පොලිස් නිලධාරියෙක්ව හිටපු writer කෙනෙක්. නිෂ්පාදනය Annapurna Studios වගේ ලොකු banner එකක් නෙවෙයි, හැබැයි story එක නම් ලොකුයි.

කතාවේ ඉන්නේ පොලීසියේ කෝන්ස්ටේබල් කෙනෙක් වෙන Shelly 👮‍♂️ එයාගේ චරිතයට පණ දෙන්නේ Kunchacko Boban. Shelly ගේ එකම හීනය තමයි ලොකු Screenwriter කෙනෙක් වෙන එක. ඒත් ලියන හැම script එකක්ම reject. “උඹ police නිසා police story එකක් ලියපන්” කියනවා හැමෝම.
ඒ අතරේ Shelly ට පාලනයට ලැබෙනවා ගමේ පොලිස් ස්ටේෂන් එකේ අවුරුදු ගානක් තිබ්බ “සපත ලත් 174 Case File” එකක් 📁 කියනවා මේක අතට ගන්න කෙනාට ලේ වහනය වෙනවා, suspension ලැබෙනවා, නැත්නම් පිස්සු හැදෙනවා කියලා.
හැමෝම බය වෙද්දී Shelly මේක දකින්නේ තමන්ගේ සිනමා හීනයට ලැබුණු අවස්ථාවක් විදියට. Case එක හොයන්න පටන් ගන්නවා. ඒත් හොයන තරමට ඔහුගේ මනස කැඩෙන්න ගන්නවා. බිරිඳ Soumya – Lijomol Jose ගේ ජීවිතේත් අවුල් වෙනවා 🥺
ඇත්තටම මේක සපතක්ද? නැත්නම් Shelly ගේ මානසික තත්වය නිසා මවාගත් දෙයක්ද? Case එකේ ගොදුර වුනු Keerthana – Raina Radhakrishnan ගේ මරණයේ ඇත්ත මොකක්ද?
ඉතින් අන්තිමට Shelly case එක solve කරනවද? එයාගේ screenwriter හීනය සැබෑ වෙනවද? නැත්නම් උන්මාදයටම ගොදුරු වෙනවද? කියන එක තමයි කතාවේ ඉතුරු ටික.

මේ ෆිල්ම් එකෙන් පෙන්නන්න හදන්නේ සිනමාවේ obsession එක, පොලීසියේ සුපිරි කතා වලට ඇති “අවුල්” සහ මිනිස් මනසේ අඳුරු පැති 🌀 Crime + Psychological + Supernatural mix කරලා තියෙනවා.
රංගනයෙන් Kunchacko Boban අනිවාර්යයෙන්ම අදිනවා. Lijomol Jose frustrate වුනු බිරිඳ විදියට සාධාරණයක් කරනවා. සංගීතය සහ Camera work එක story එකට හොඳට support කරනවා.
ඉතින් “case file එකක්” වටේ ගෙතෙන මේ මානසික ගමන බලන්න කැමති නම්, Unmadham සිංහල උපසිරැසි එක්ක බලන්න අපේ cinesubz.lk එකට එන්න 💻
මේ චිත්‍රපටිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න 🙂‍↔️🌻

Comments

September 6, 2026

Love in moonlight Sinhala sub denawada

September 14, 2026

Good