Cast
Go Full Cast PageMy Bias, My Boss 2026දී නිකුත් වුණු කොරියානු රොමැන්ස්, විකට සහ රොමැන්ස් කතාමාලාවක්. මේ කතාමාලාවේ නාම් දා-රම් (කිම් හේ-ජූන්) කියන්නේ අවුරුදු 13ක් තිස්සේ තරු ලී චාන් (චා වූ-මින්)ගේ ලොකුම රසිකාවියක්. එයාගේ හීනය වෙන්නේ දවසක තමන්ගේ ප්‍රියතම තරුව එක්ක එකම තැනක වැඩ කරන එක. ඒ හීනය නිසාම එයා ඇපෙලෝ කියන විලාසිතා සමාගමේ රැකියාවකට යනවා. එතකොට තමයි ලී චාන් මේ සමාගමට සම්බන්ධ ප්‍රධාන කෙනෙක් කියලා එයා දැනගන්නේ.
හැබැයි දා-රම්ගේ හිතපු විදිහට කතාව යන්නේ නෑ. එයාට ලී චාන් ළඟින් ඉන්න ලැබෙන්න කලින්ම, එයාට මුණගැහෙන්නේ ඇපෙලෝ සමාගමේ ප්‍රධාන විධායක කාං හා-ගී (කාං හුන්). මුලින්ම හා-ගී පේන්නේ ටිකක් සීතල, තද ගති තියෙන ලොක්කෙක් විදිහට. ඒත් කාලය ගෙවෙද්දි එයාගේ වෙනස්ම පැත්තක් දා-රම් දකින්න පටන් ගන්නවා.
එතනින් පස්සේ තමයි වැඩේ අවුල් වෙන්නේ.දා-රම් තමන් ලී චාන්ගේ ලොකු රසිකාවියක් කියන එක හැමෝගෙන්ම හංගගෙන වැඩ කරන්න හදන අතරේ, හා-ගීත් එක්ක හිතුවෙවත් නැති විදිහට ළං වෙන්න පටන් ගන්නවා. ඒ අතරේ ලී චාන්ටත් තරුවක් විදිහට ලෝකෙට පෙන්නන ජීවිතයයි, තමන්ගේ ඇත්ත ජීවිතයයි අතරේ ගැටෙන්න සිද්ධ වෙනවා.
ඒ නිසා මේක නිකම්ම තමන්ගේ ප්‍රියතම තරුව පස්සේ යන රසිකාවියකගේ කතාවක් නෙවෙයි. හීනෙන් හිතාගෙන හිටපු ආදරයයි, ඇත්තටම හිතට ළං වෙන කෙනයි අතරේ තෝරගන්න වෙන, වැඩපොළේ විහිළු, අමාරුකම් සහ ආදරේ එක්ක ගලාගෙන යන ලස්සන රොමැන්ස් කතාවක්.




















