CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6538 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Ant-Man (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ant-Man (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 14, 2015USA117 Min.
Your rating: 0
votes
Ant-Man (2015) | කුහුඹු-මිනිසා

ඈන්ට් මෑන් සිනමාපටය තමා මාවල් සිනමා විශ්වයේ (Marvel Cinematic Universe) (MCU) දොළොස්වෙනි සිනමාපටය වගේම තුන්වන අවධියේ(Phase 2) අවසාන සිනමාපටය වෙන්නෙ. ඈන්ට් මෑන් සිනමාපටය ප්‍රවර්ධනය කිරීම ආරම්භ වෙන්නෙ 2006 වසරේ. ඊට පස්සෙ පූර්ව නිෂ්පාදන කටයුතු ටික ආරම්භ වෙන්නෙ 2013 නේ ඔක්තෝම්බර් මාසයේ. සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නෙ Peyton Reed විසින්. නිෂ්පාදනය කරන්නෙ මාවල් සිනමාපට සියල්ලේම වගේ නිෂ්පාදනයට කෙසේ හෝ දායක වෙච්ච Kevin Feige විසිනුයි. චරිත ටික ගත්තාම ස්කොට් ලෑන්, එහෙමත් නැත්නම් ඈන්ට් මෑන් විදිහට Paul Ruddද, හෝප් වැන් ඩායින් විදිහට Evangeline Lilly ද, යෙලෝජැකට් එහෙමත් නැත්නම් ඩැරන් ක්‍රොස් විදිහට Corey Stollද, ෆැල්කන් හෙවත් සෑම් විල්සන් විදිහට Anthony Mackieද, හෑන්ක් පිම් විදිහට Michael Douglas ද රංගනයෙන් දායක වෙනවා. ඉතින් IMDb මීටරයේ අගය 7.7ක් කියලා සඳහන් වෙලා තිබ්බා. ඉතින් සතුටින් කියන්න ඕනා ලබන අවුරුද්දෙ එන Captain America: Civil War සිනමාපටයේදීත් අපිට ඈන්ට් මෑන්ව දැකගන්න පුළුවන්.ඒ වගේම 2018 ජූලි 6 වෙනිදා Ant-Man and the Wasp ලෙස දෙවනි කතාංගයක් ද නිකුත් කරන නියමිතයි කියලා අපිට දැනගන්න ලැබුණා. අනේ මන්දා දැන් නම් නිකන් පිස්සු වගේ. මාවල් DC එකතු වෙලා 2020 වෙනකම් ලැයිස්තු ගත කරලා තියෙන ෆිල්ම් තොගේ දැක්කම අනේ අම්මේ… නොමැරී ඉන්න වාසනාව තියේවා කියලා තමා ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ ඉතින්. කස්ටිය මාර පිනක් කරලා තියෙනවා මේ කාලේදී ඉපදෙන්න තරම්. ඇයි ඉතින් මේ තරම් කොමික් ෆිල්ම් ගොඩක් කොයි කාලේද ආවෙ ඉතින්… හම්මේ… 😀 එහෙනම් අද ෆිල්ම් එකේ ප්ලොට් එක බලමුකෝ…

වීස්ටා සමාගමේ මංකොල්ලය සම්බන්ධයෙන් අවුරුදු තුනක් සිරගතව සිට Scott Lang. නැවත පැමිණෙන්නේ, තමන්ගේ දුව වෙනුවෙන් යමක් ඉතිරි කරන්නට පුළුවන් යහපත් රස්සාවක් කිරීමේ අදිටනින්. නමුත් අවුරුදු තුනක් සිරබත් කෑ අයෙක් නිසා, රස්සාවක් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඉඳලා ඉඳලා බැරිම තැන මංකොල්ලාකාර හිත හොඳ යාළුවෝ සෙට් එකත් එක්ක ලැබුණු ඔත්තුවක් අනුව යනවා, ගෙදරක සේප්පුවක් මංකොල්ල කන්න. ඒ Dr. Hank Pym ගේ ගෙදර. සේප්පුව ඇතුලේ වටිනා කියන යමක් තියෙන්නේ නැහැ. තියෙන්නේ පරණ ලදරම් ගැජමැටික් ඇඳුමක්. කෝකටත් කියලා හරිම දුකෙන් ස්කොට් මේකත් අරගෙන ගෙදර එනවා. නිකමට වගේ ඇඳලා බලලා, ඒකේ තියෙන ගැජට් අත පත ගානකොට මේ මනුස්සයා කූඹියෙක් ගානට පුංචි වෙනවා. ඒ එක්කම එයාට ඇහෙනවා. කවුද කෙනෙක් කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි Dr. Hank Pym. ඩොක්ටර් තමයි සැලැස්මක් ගහලා තමන්ව මංකොල්ල කන තැනට ස්කොට්ව ගෙන්න ගන්නේ. ඉතින් ඇයි එහෙම දෙයක් කරන්නේ? ඔන්න ඔතන ඉඳන් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. මාවල් සිනමාරූපී විශ්වයේ තවත් අමතක නොවන අත්දැකීමක් විඳගන්න,

Ant-Man (2015)

Ant-Man and the Wasp (2018) 

Ant-Man and the Wasp: Quantumania (2023)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ (Baiscopelk)
IMDb 7.3 /10 601,904 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peyton Reed
Director

Cast

Paul Rudd isScott Lang / Ant-Man
Scott Lang / Ant-Man
Michael Douglas isDr. Hank Pym
Dr. Hank Pym
Evangeline Lilly isHope van Dyne
Hope van Dyne
Corey Stoll isDarren Cross / Yellowjacket
Darren Cross / Yellowjacket
Anthony Mackie isSam Wilson / Falcon
Sam Wilson / Falcon

Similar titles

Fair Rain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hancock (2008) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Caught In Time (2020) Sinhala Subtitles
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kilometers and Kilometers (2020) Sinhala Subtitles
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrath of Vajra (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Empty Man (2020) With Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published