EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

28 Degree Celsius (2025) | “උෂ්ණත්වය මත රැදි ජීවිතයක්”

 

28 Degree Celsius කියන්නේ Romance/Thriller ගණයට අයිති වෙන තෙළුගු චිත්‍රපටියක්. ෆිල්ම් එකේ කියවෙන්නේ අංජලී කියලා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ හැගීම්බර කතාවක්. අංජලීට කොලේජ් එකේදි කාර්තික් කියලා කොල්ලෙක් මුණ ගැහෙනවා. ඊට පස්සේ මේ දෙන්නා අතරේ සම්බන්ධයක් ඇති වෙනවා. මේ දෙන්න ජීවිතේ පටන් ගන්න හදනකොට, මෙයාලගේ ජීවිතේ නොහිතපු විදිහේ හැරවුමක් සිද්ද වෙනවා.

දෙන්නගේ කසාදෙන් පස්සේ මෙයාලා දැනගන්නවා අංජලීට ගොඩක් දුර්ලභ, ජීවිතේට තර්ජනයක් වෙච්ච බ්‍රේන් ඉන්ජරි එකක් තියෙනවා කියලා. මෙයාගේ ජීවිතේ බේරගන්නනම් එයාලට ජෝජියාවට යන්න වෙනවා ප්‍රතිකාර වෙනුවෙන්. කාර්තික් මේ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න ලෑස්තියි. ඉතින් එයාලා ජෝජියාවට යනවා. හැබැයි අංජලීව වීදුරු බෝනික්කෙක්ව බලාගන්නවා වගේ පරිස්සමින් බලාගන්න වෙනවා. එයාගේ ශරීර උෂ්ණත්වය හැමතිස්සෙම සෙල්සියස් අංශක 28 ක තියාගන්න වෙනවා.

හැබැයි මෙයාලගේ ජීවිතේ ලේසි වෙන්නේ නෑ. හිතපු නැති විදිහේ දේවල් සිද්ද වෙනවා. එයාලා නැවතිලා ඉන්න ගෙදරත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ දෙයක් ෆිල්ම් එක බලන අපිට දැනෙන්න සලස්වනවා. ඉතින් මම තව වැඩි විස්තර කියන්න යන්නේ නෑ. මේ ෆිල්ම් එක කුතුහලයෙන් මුල ඉදන් අගට ඔයාලට බලාගන්න පුළුවන්. අවසානය වෙද්දි හිතපුවත් නැති විදිහේ දේවල් දැකගන්න පුළුවන් වෙනවා.

Comments