EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageගරුඩ පුරාණය
ආයූබෝවන් මගේ යාළුවනේ ඔන්න අද මම අරගෙන ආවේ කන්නඩ සිනමාවෙන් 2025 දෙසැම්බර් මස 25 වනදින නිකුත් වුනු 45 කියන චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි මේ සිනමා නිර්මාණයට ප්‍රධාන වශයෙන් රංගනයට දායක වෙන්නන් අතරට: ශිව රාජ්කුමාර්, උපේන්ද්‍ර, රාජ් බී ෂෙට්ටි, කෞතුභ මනි, ජිෂු සෙන්ගුප්තා යන අය කැපී පෙනෙනවා
අධ්‍යක්ෂණය කරන්නේ: අර්ජුන් ජන්යා
නිෂ්පාදනය කරන්නේ: එම්. රමේෂ් රෙඩ්ඩි
සංගීත අධ්‍යක්ෂණය කරන්නේ: අරුන් ජන්යා
කැමරාකරණය කරන්නේ: සත්‍ය හෙග්ඩේ
සංස්කරණය කරන්නේ: කේ.එම්. ප්‍රකාශ් යන පිරිසයි
හරි පැය 2.විනාඩි 18 ක් පුරාවට දිගහැරෙන මේ කතාවේ සාරාංශය මම දැන් කියන්නම්
කතාව :
සොෆ්ට්වෙයාර් සේවකයෙක් වන විනායි (රාජ් බී ෂෙට්ටි) බල්ලෙකු නිසා බයිසිකල් අනතුරකින් මිය යන බව සිහින දකිනවා. ඉතින් ටිකෙන් ටික මෙයා දැකපු හීනයේ සමහර දර්ශන සැබෑ වෙනවා. රෝසි කියන බල්ලා රායප්පා (උපේන්ද්‍ර) කියන ඩොන් කෙනෙකුට තමයි අයිති වෙන්නේ. ඩොන් කියන්නේ මැරයෙක් කියන එකට රායප්පා මේ බල්ලා ට සලකන්නේ එයාගේ අම්මට වගේ. තමන්ගේ බල්ලව මේ විනායි හප්පලා මැරුව බව දැනගන්න රායප්පා දවස් 45 කින් විනායිව මරනවා කියලා අනතුරු අඟවනවා, රායප්පගේ බල්ලගේ මරණයට වගකියන්න ඕන මේ විනායී තමන්ගේ දින 45ක කාලය ගැන හිත හිත මරණ බයෙන් ඉන්නකොට ශිව (ශිව රාජ්කුමාර්) කියලා කෙනෙක් එයාගේ ජීවිතයට ඇතුළු වෙනවා. ශිව විනයිගේ ජීවිතය බේරගනියිද?. මේ ශිව කවුද? ශිව උදව් කරන්නේ ඇයි? රායප්පා විනයිව මරයිද? මේ ඒ ගැන කියන චිත්‍රපටයයි.






