EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

65 (2023) | වසර මිලියන 65කට පෙර පෘතුවිය!

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් බලා උන්නු චිත්‍රපටියකට උපසිරැසි තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ මාර්තු මාසයේ 10 වෙනිදා. මෙය අධ්‍යක්ශනය කරන්නේ Scott Beck සහ Bryan Woods යන දෙදෙනායි. ඒ වගේම A Quiet Place පලමු චිත්‍රපටයේ තිර රචනය කරන්නෙත් මේ දෙදෙනාම තමයි. තවද මෙයට Adam Driver, Ariana Greenblatt, Chloe Coleman, Alexandra Shipp, Nika King ආදී අය රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 45ක පිරිවැයකින් නිශ්පාදනය කරපු මෙම චිත්‍රපටය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 55.2ක මුදලක් උපයන්න හැකි වෙලා තියෙනවා. තවද IMDb දර්ශකේ 5.7ක අගයකුත් කුණු තක්කාලි 34%කුත් ගන්න මේ වන විට සමත් වෙලා තියෙනවා. හැබැයි රේටින් අඩු වුණාට කතාව පවුලේ සැමට මුල ඉදන් අගට හොඳින් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියලා නම් බය නැතුව කියන්න පුළුවන්.

කතාව ගැන මතක් කළොත් මිල්ස් කියන්නේ විවාහක සහ අසණීප වුණු දියණියක් සිටින අභ්‍යාවකාශයානා නියමුවෙක්. ඔහුගේ රාජකාරිය වන්නේ ග්‍රහලෝක අතර විවිධ සැපයුම් ගෙන යන එක. දිනක් මොහු මගීන් රැසක් වෙනත් ග්‍රහලෝකයකට ගෙනයමින් සිටියදී ඔහුගේ යානය ග්‍රාහක කොටස් වගේක වැදිලා හදුනා නොගත් ග්‍රහලෝකයකට කඩන් වැටෙනවා. ඒ වැටෙන අතර තුරදී එම යානය කොටස් දෙකකට වෙන් වෙලා තැන් දෙකකට තමයි වැටෙන්නේ. මෙතනින් පසු නොසිතූ ලෙස බොහෝ දේවල් සිද්ධ වෙන්න ගන්නවා. ඒ මොනවාද? මොකක්ද මේ ග්‍රහලෝකෙ? මිල්ස් මේ ග්‍රහලෝකෙ තනිවෙයිද? යානෙ හිටපු මගීන්ට මොකක් සිදුවී ඇතිද? යන ප්‍රශ්න සේරටම උත්තර මේ චිත්‍රපටය බලලා අපිට හොයාගන්න පුළුවන්.

එහෙනම් ත්‍රාසය භීතිය පිරුණු ලස්සන චාරිකාවකට එක්වෙන්න ඔබටත් ආරාධනා කරනවා.

Comments