CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2443 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 28, 2022United States126 Min.
Your rating: 0
10 6 votes
A Man Called Otto (2022) | හදවත විසල් මිනිසා.

හොලිවුඩ් පුරයේ අපි කව්රුත් බොහෝ සෙයින් පෙම් බදින සම්මානණීය නළු ටොම් හෑන්ක්ස්ගේ රංගනයෙන් හැඩවූ තවත් අපූර්ව සිනමා නිර්මාණයක්. ඒ වෙන කිසිවක්නම් නෙමේ වසර මුලදීම තිරගතවීම් ඇරඹි “ A MAN CALLED OTTO ” සිනමාපටයයි.අපි කාගේත් හදවත මදකට නවතන හැගුම්බර කථා තේමාවක් ඔස්සේ දිවෙන මේ අපූර්ව සිනමා නිර්මාණය ටොම් හෑන්ක්ස්ගේ රංගනය නිසාවෙන් තවත් ආලෝකමත් වෙලා තියෙනවා.ඒවගේම මම පෞද්ගලිකව හරිම කැමතියි මෙහි MARISOL ලෙස රංගනයෙන් දායක වන මෙක්සිකානු නිළි Mariana Trevino ගේ ඒ අපූර්ව වූ රංගනයටත්.

මේ වසරේ ජනවාරි මස 13 වනදා සිට තිරගතවීම් ඇරඹි මේ අපූර්ව සිනමා සිත්තම ස්විස් ජාතික සිනමා අධ්‍යක්ෂ Marc Forster විසින් නිර්මාණය කරන ලද්දක්.ඔහු මීට පෙර බොහෝ සෙයින් රසික හදවත් දිනා ගත් සිනමා නිර්මාණ රැසක්ම අධ්‍යක්ෂණය කරන ලද්දෙක්.ඒ අතර “ World War z , Finding Neverland , Monster’s Ball හා Stay ” ඇතුළු තවත් බොහෝ සෙයින් කැපී පෙනන සිනමාපට කිපයක්ම තියෙනවා.යලිත් සිනමාපටය පැත්තට හැ‍රුනොත් මීට පාදකවෙලා තියෙන්නෙ ස්විස් ජාතික ලේඛකයෙක් වන Fredrik Backman “ A Man Called Ove ” නමින් ප්රකාශයට පත් නවකතාවක්.

Fredrik Backman ගේ “ A Man Called Ove ” නවකථාව

පොත් කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔයාලට මේක හොයාගෙන කියවතැහැකි.ඒ වගේම මේ පොත පාදක කරගෙන මෙනමින්ම ස්විස් සිනමාපටයකුත් නිර්මාණය වෙලා තියෙනවා.ඒක තිරගවෙලා තියෙන්නෙ 2015 වසරේ. ඒක නිර්මාණය කරලා තියෙන්නෙනම් ස්විස් ජාතික සිනමා නිර්මාණකරුවෙකු වන Hannes Holm විසින්.

Hannes Holm ගේ “ A Man Called Ove ” සිනමාපටය

කොහොමෙන් කෙහොම හරි අපි දැන් කතා කරන “ A MAN CALLED OTTO ” සිනමාපටයට පාදක වෙලා තියෙන්නෙ මෙන්න මේ නිර්මාණ දෙක කියලා මම කියන්නම ඕනා.ආදායම් ඉපයීම අතින්ද බොහෝ සාර්ථකත්වයට පත් මේ සිනමා සිත්තම IMDB දර්ශකයේ ලකුණු 7.5/ 10 කුත් , Rotten Tomatoes දර්ශකයේ 69% දිනා ගන්නට සමත්වෙලා තියෙනවා.ඒ වගේම රංගනයෙන් අපි කව්රුත් ආදරය කරන ඒ අති විශිෂ්ඨ නළු Tom Hanks වගේම Mariana Trevino, Truman Hanks ( ටොම් හෑනක්ස්ගේ පුත් ), Rachel Keller, Manuel Garcia Rulfo ඇතුළු තවත් නළු නිලියන් බොහෝ දෙනෙකු එක්ව සිටිනවා.

විටෙක හාස්‍යයෙන් අපව මුසපත් කරන්නටත්, තව විටෙක සංවේදී බවෙන් අප හදවත් බර කරවන්නටත් සමත් මේ අපූර්ව සිනමා සිත්තම ටොම් හෑන්ක්ස්ගේ අති විශිෂ්ඨ රංගනය නිසා සේම අර මා කියූ මෙක්සිකානු නිළි Mariana Trevino ගේ හාස්‍යවූත් හැගුම්බරවූත් රංගනය නිසාත් සුන්දරව ඇති බවකුයි මට හැගුනේ.සිනමාපටයේ කතාව පැත්තට හැරුනොත් එය ගලා යන්නේ තම ආදරණීය බිරිදගේ මරණය නිසා සියල්ලන්ගෙන් ඈත්ව හුදෙකලාව දිවි ගෙවනා ඔටෝ නම් පුද්ගලයෙකු වටායි.ඔහුට කිසිවෙක් රුස්සන්නේ නැත.සැම දෙනා සමග නුහුරට කතා කිරීමට ඔහු හුරුව සිටී.එලෙසින්ම ඔහු කුකුල් කේන්ති කාරයෙකි.නමුත් හදිසියේ ඔහුගෙ නිවස අසබඩට පදිංචියට පැමිණෙනා විදේශීය පවුලක් නිසා ඔටෝගේ මේ දිවි පෙවත සහ මුලින්ම වෙනසකට භාජනයවීමට පටන් ගන්‍නේ ඔහුටද නොදැනීයි.එතනින් එහාට සිදුවන්නාවූ සියල්ල ඔබට රසවිදීමට ඉඩ තබමින් මම මෙතනින් නවතින්නම්.

A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 7.4 /10 45,851 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Marc Forster
Director

Cast

Tom Hanks isOtto Anderson
Otto Anderson
Mike Birbiglia isReal Estate Agent
Real Estate Agent
Joe Fishel isArmy Doctor
Army Doctor
Truman Hanks isYoung Otto Anderson
Young Otto Anderson

Similar titles

Oh My Dog (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Locked (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Three – 1666 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infected (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Our Friend (2021) Sinhala Subtitles
Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Not Another Teen Movie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thiruvin Kural (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kayamai Kadakka (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Get Out (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
3096 Days (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Prasa April 1, 2023 Reply

    හදවත මොහොතකට නැවතුනා…
    ජීවිතේ ප්‍රශ්න අමතක වුනා….
    පැය දෙකක් මා..
    “ඔටෝ” ” මරියසෙල් ළඟ තනිවුනා 💛

  • StokeStudy April 6, 2023 Reply

    හදවත මොහොතකට නැවතුනා…
    ජීවිතේ ප්‍රශ්න අමතක වුනා….
    පැය දෙකක් මා..
    “ඔටෝ” ” මරියසෙල් ළඟ තනිවුනා 💛 2

Leave a Reply to Prasa Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published