EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
A Merry Little Ex-Mas (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Steve Carr
Country:United States of America
Year:2025
Subtitle By: ධනුෂ්ක විරාජ් (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageA Merry Little Ex-Mas (2025) | “ අනියම් නත්තල ”
මේ පාර නත්තලට Netflix එකෙන් රිලීස් කරපු තවත් ෆිල්ම් එකක් ගැනයි මේ කියන්න යන්නේ. නම තමයි A Merry Little Ex-Mas. නම දැක්කම තේරෙනවනෙ මේක ටිකක් වෙනස් ජාතියෙ කතාවක් කියලා. මේක ටිකක් හිනා වෙවී, සැහැල්ලුවෙන් බලන්න පුළුවන් ලස්සන ආදර කතාවක්.
මේ කතාව යන්නේ Kate සහ Everett කියන දෙන්නා වටේ. මේ දෙන්නා දැන් Divorce වෙලා ඉන්නෙ. හැබැයි දෙන්නට ඕන වෙනවා ගෙදර විකුණන්න කලින් දරුවොත් එක්ක අන්තිම වතාවට එකට නත්තල සමරන්න. වැඩේ කියන්නේ, ප්ලෑන් එක ඔක්කොම අවුල් යන්නෙ Everett එයාගේ අලුත් පෙම්වතියවත් මේ පාටියට එක්කන් ආවට පස්සේ. ඉතින් පරණ බිරිඳයි, අලුත් පෙම්වතියයි එකම ගෙදරක සෙට් වුණාම වෙන දේවල් ගැන තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.
Alicia Silverstone තමයි Kate ගේ චරිතයට ඉන්නේ. එයා එක්ක Oliver Hudson තමයි Everett විදිහට රඟපාන්නෙ. මේක සරල සැහැල්ලු ෆිල්ම් එකක්. ලොකු බරපතල ප්රශ්න නෑ, නිකම්ම ෆන් එකේ බලන්න පුළුවන්. පවුලේ ප්රශ්න, නත්තල් කාලේ කලබල අස්සෙ සිද්ධ වෙන විහිළු තහළු පිරුණු ලස්සන කතාවක්. නත්තල් නිවාඩුවට ගෙදර ඉන්න ගමන් පොඩ්ඩක් හිනා වෙලා සතුටු වෙන්න මේක නියමයි.
ඔන්න ඉතින් නත්තල් මූඩ් එක ගන්නත් එක්ක, පොඩ්ඩක් වෙනස් විදිහේ කතාවක් හොයනවා නම් A Merry Little Ex-Mas ලිස්ට් එකට දාගන්න.











