EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Arbit Documentation of An Amphibian Hunt : Aavasavyuham (2022) | වාස භවන.
MDB 7.8 ක ඉහල අගයක් තියන සාමාන්‍ය මලයාලම් සිනමා රීතියෙන් බැහැරව නිපදවන ලද අමුතුම මලයාලම් Si-Fi comedy එකක් මේක. අපේ ප්‍රියතම මලයාලම් නළු නිළියන් කිසිවෙක් මේ චිත්‍රපටයේ දකින්නට නෑ. ඒත් 2022 වසරෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක් විතරක් නෙමෙයි 69 වන ඉන්දියානු ජාතික සිනමා උළලේ පරිසර සංරක්ෂණය සඳහා පිදෙන සම්මානයද Best Film on Environment Conservation/Preservation දිනා ගන්න සමත් වෙනවා.ඒ කුතුහලය තමයි මා මෙය නරඹන්න යොමු කලේ.
ස්වභාව ධර්මය හා සතුන් සමග සුවිශේෂ සම්බන්ධතාවයක් තියෙන අද්භූත මිනිසෙකු ගැනයි කතාව.විවිධ සම්මුඛ සාකච්ඡා සහ පරිසරය හා කේරළයට ආවේණික වඳවී යන සත්ව විශේෂ වැනි මාතෘ කා ඔස්සෙ ගලායන මේ අද්භූත මිනිසාගේ චරිතය පැරණි කාටුන් චරිතයක් වන Swamp Thing මගින් inspire වෙලා තියෙන බව අධ්‍යක්ශක ක්‍රිශාන්ඩ් පවසා තිබෙනවා.
Rahul Rajagopal, Sreenath Babu, Sreejith Babu, Zhinz Shan මෙහි රඟපානවා.
මෙයට හිත ගිය නිසාම පරිවර්තනය කරන්න හිතුවත් කරන කොට තමයි තේරුණේ එය විශාල අභියෝගයක් බව. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයට මම තාම අළුත්. ඒත් අත ඇරියෙ නෑ. මෙහි එන විද්‍යාත්මක යෙදුම් මෙන්ම කේරළයට අවේණික සත්ත්ව නාම රාශියක් පරිවර්තනය කරන්න සෑහෙන්න මහන්සි උනා. Google translator එහෙම උපයෝගී කර ගත්තානම් ඔබ අතරමං තමයි. 🙂
මේක ඔබට කොහොම හැඟීමක් ඇති කරයිද දන්නෙ නෑ. ඉතිං මෙය සම්බන්ධයෙනුත් ඔබේ අදහස් දන්වන්න. ස්තූතියි.









