EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageAbigail (2024) | අද්භූත සිරකාරියගේ බිහිසුණු වියරුව
Horror/ Fantacy යන කාණ්ඩයන්ට අයත් වෙන Abigail චිත්‍රපටයට ඉතාම හොඳ විචාරක පැසසුම් ලැබුනා වගේම IMDb දර්ශකයේ 7.1 වැනි ඉහළ අගයකුත්, 87%ක ගූගල් පරිශීලක මනාප වගේම Rotten Tomatoesහි 86%ක දැවැන්ත අගයකුත් හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Matt Bettinelli-Olpin විසින්. අප්‍රේල් 19 වෙනිදා සිනමා ශාලා වලට නිකුත් කෙරුන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 35කට ආසන්න ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ වෙබ් පිටපත් නිකුත් උනේ අද (07) උනත් කලින්ම සූදානම් උන නිසා අදම ඔයාලට උපසිරසිය ගේන්න පුළුවන් උනා. රංගනයෙන් එක් වන පිරිස ගැන බැලුවොත් හුරුපුරුදු මූණු රැසක්ම ඔයාලට දකින්න ලැබේවි. Screem චිත්‍රපට මාලාවේ වර්තමානයේ ප්‍රධාන චරිතයක් වන Melissa Barrera ජෝයි ලෙසත්, Dan Stevens ෆ්රෑන්ක් ලෙසත්, Kathryn Newton සැමී ලෙසත්, Kevin Durand පීටර් ලෙසත්, Angus Cloud ඩීන් ලෙසත්, Breaking Bad කතා මාලාවේ ගස් ෆ්රින්ග් ලෙසින් හමුවූ Giancarlo Esposito ලැම්බට් ලෙසත්, Alisha Weir ඇබිගේල් ලෙසත් රංගනයෙන් එක් වෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් එක්තරා රැයක හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් කප්පම් ලබාගැනීමේ අරමුණින් නගරයක ඉන්න ධනවත් පුද්ගලයෙකුගේ කුඩා දියණියක් පැහැරගෙන යනවා. මේ වැඩේ මහ මොළකාරයා විදියට සලකන ලැම්බට් කියන පුද්ගලයා පාළු පලාතක තියෙන විශාල මන්දිරයකට එන්න කියලා මේ කට්ටියට නියෝග කරනවා. මෙයාලා ඒ පැහැර ගත්ත කුඩා ළමයව රඳවගෙන ඉන්නෙ මේ මන්දිරය ඇතුලෙ තමයි. ටික වෙලාවක් යද්දි මොකක්හරි අමුතු දේවල් සිද්ද වෙනවා කියලා මේ පිරිසට තේරෙන්න ගන්නවා. ඒත් ඒ වෙද්දි ගොඩක් පරක්කුයි කියලා එයාලා දැනගෙන හිටියේ නෑ. එහෙනම් වැඩි විස්තර නොකියා ඔයාලට ෆිල්ම් එක රස විඳින්න දෙන්න.












