CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAdi (2023) | පිරිමි කම සහ ගෑණූ කම.
IMDB 6.1 ක් තියෙන මේකත් ඉතා සරල සිද්දියක් මත ගොඩ නැගුනු ලස්සන කතාවක්.
Adi (2023) Sinhala Subtitles
SHINE TOM CHAKO කිව්වම මතක් වෙන්නෙ මැරයෙක් නැත්තම් තක්කඩි පොලිස් කාරයෙක් වගේ කලු චරිත. ඒත් මෙන්න මේ මනුස්සයා එක පාරටම අහිංසක,ටිකක් ලැජ්ජශීලී තරුණයෙක් වෙනවා.මලයාලි නළුවන් බොහෝ විට එක පැත්තකට කොටු කරන්න බෑ, ඕනැම චරිතයකට ඔවුන් අපූරු විදිහට අනුගත වෙනවා. ඒ අහිංසක තරුණයා මුහුණපාන ඇබැද්දියක් තමයි කතාවට මුල් වෙන්නෙ.
Adi (2023) Sinhala Subtitles
මිනිස්සු ඉස්සරහ මහ පාරෙදි ගුටි කන්න උනොත් මොන ලැජ්ජාවක්ද? ඒකත් තමංගෙ බිරිඳ ඉස්සරහ වෙන දවසකත් නෙමෙයි කසාද බැඳපු දවසෙම. කොච්චර නින්දාවක්ද?තමංගෙ නෝන එක්ක තවම හරියට අශ්‍රය කරන්නවත් උනේ නෑ. කසාදෙ තීන්දු උනා , ඩුබායි ඉඳල ආවා, බැන්දා, ගුටි කෑව මදිවට රෙද්දත් ගලවගෙනම ගියා.නෝන මොනව හිතයිද? තමංගෙ පිරිමි කම ගැන? මේ තරුණයා නන්දුට ඕන උනේ ඇති වුන ලැජ්ජාව මකා ගෙන නෝනට පිරිමි කම පෙන්නන්න. ඒ නිසා මිනිහට ඕනැ උනේ තමන්ට ගහපු මැරවරයට ගහන්න.ඒත් වැඩේ දුර දිග යනවා. නෝනා ගීතිකා බුද්ධිමත් ත්ත්වය තේරුම් ගත්තු කෙල්ලෙක් නිසා නන්දුට ප්‍රශ්ණයක් නෑ.ගීතිකාගෙ ඉල්ලීම පිණිස එයා උත්සාහ කරන්නෙ සාමදානෙන් විසඳ ගන්න.ඒත් ඒ නිසා තවත් වැඩේ දුර දිග යනවා.
Adi (2023) Sinhala Subtitles
කොහොම හරි මේක විසඳ ගන්න ඕනෑ.පලි ගන්නවද, සමාදාන වෙනවද, මොනව උනත් ආපහු රස්සාවට ඩුබායි යන්න කලින් විසඳ ගන්න වෙනවා. අන්තිමට මේක කොහොමද විසඳන්නෙ, කවුද විසඳන්නෙ.නෝන ඉස්සරහ තමන්ගෙ පිරිමි කම පෙන්නන්නෙ කොහොමද?
AHAANA KRISHNA,DHRUVAN,BRITODAVI මෙහි CHAKO සමග රංගනයේ යෙදෙනවා. මේක PRASOBH VIJAYAN ගේ අධ්‍යක්ෂණයක්. නව වසරෙ හා පුරා කියල බලන්න.

