EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alican Durbaş, Charlotte Wells, Eren Kurt, Özlem Inan, Tugce Turfan Avci
Cast
Go Full Cast PageAftersun (2022) | කිසිදා නොමියෙන දූ පිය සබැදිය
නිවාඩුවක් ගතකිරීමට තූර්කියේ දිවිගෙවන සිය පියා හමුවට එන සොෆීගේත් ඇගේ පියාගේත් අපූර්වතවූ සබැදිය විදහා පානා “ Aftersun ” සිනමා සිත්තම විටෙක දියණියකගේ කෝණයෙනුත්, තව විටෙකු පියෙකුගේ කෝණයෙනුත් සිනමා රසිකයින් වන අප හට රසවිදීමට ඉඩ හසර විවර කරදෙනා අපූර්ව සිනමා නිර්මානයක් වේ.සිනමා රසිකයින් ලෙස අප කව්රුත් දන්නා IMDB දර්ශකයේ ලකුණු 7.7/10 ක ඉහළ අගයක් ලබා ගන්නටත්, Rotten Tomatoes දර්ශකයේ 95% ක ඉහළ ප්රතිශතයක් ලබා ගන්නටත් සමත්ව ඇති මේ විශිෂ්ඨ සිනමා සිත්තම මෙවර ඔස්කාර් සම්මාන උළෙලද නියෝජනය කිරීම විශේෂත්වයක්.
ඒ හොදම නළුවා ලෙසින් නාම යෝජනා අතර එක්විමෙන්.මෙහි ප්රධාන චරිත රගපාන්නෙ අප කා අතරත් ප්රසිද්ධ “ Normal People ” මිනී සිරීස් එකේ ප්රධාන චරිත රගපෑ Paul Mescal.ඔහු මෙම සිනමාපටයේ දක්වන දක්ෂ රංගන කුසලතාවය නිසා තමයි මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය සදහා නිර්දේශව සිටින්නේ.ඔහුට අමතරව මෙහි රංගනයෙන් “ Frankie Corio, Celia Rowlson hal ඇතුළු තවත් රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු රංගනයෙන් එක්ව සිටිනවා.ඒ වගේම කියන්න ඕනා මේක අධ්‍යක්ෂකවරියගේ කුළුදුල් සිනමා නිර්මාණය.එහෙත් ඒ බවක්නම් සිනමාපටයේ කොතැනකවත් මටනම් දැක ගන්න ලැබුනේ නෑ.ඇය ඇගේ කාර්ය්‍යභාරය ඉතා විශිෂ්ට ලෙස සිදුකරලා තියෙනවා.ඒවගේම මේ සිනමාපටය International critics Week යටතේ French Touch Prize of the Jury දිනාගන්නත් සමත්වෙලා තියෙනවා.තවත් කියනවනම් මේ සිනමාපටයේ කතා තේමාව ගැන අපට කතා කරන්න බොහෝදේ තියෙනවා.ඒත් දැනට මම මෙතනින් නවතිනවා.
ඉතිං ඉතුරුටික භාරවෙන්නෙ ඔයාලට. මම ආරාධනා කරනවා හැම කෙනෙක්ටම වගේ මේ සිනමාපටය නරඹන්න කියලා.හැබැයි කියන්න ඕන මේක නාට්‍යම සිනමා නිර්මානයක්.ඒ නිසා මේක හැමකෙනෙක්ටම දිරවන එකක් නෑ.මොකද මේකෙ කතාව ගලාගෙන යන්නෙත් බොහොම හෙමිහිට නිසා.ඒත් ඔබ මේ වගේ නිර්මාණ මග නොහැර බලන කෙනෙක්නම් අනිවාර්ය්‍යයෙන්ම මේ අපූර්ව සිනමාසිත්තම නරඹන්නය කියලා මම ඔබට ආරාධනා කරනවා











