CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAm Ah (2025) | ”මව් සෙනෙහස”
Am-Ah කියන මලයාලම් Film එක Mystery, Thriller, Drama ගණයන් වලට අයිති වෙන ෆිල්ම් එකක්. ඇත්තටම මුලින්ම කියන්න ඕනි, මටනම් මේක ලස්සන අමුතුම හැගීමක් ඇති කරපු Film එකක් වුනා. ඒ වගේම මේකේ වාදනය වෙන සිංදු ටිකත් ගොඩක් ලස්සනයි.
කතාව පැත්තට හැරුනොත්, ස්ටීවන් කියලා මාර්ග ඉදිකිරීම් සම්බන්ද සුපවයිසර් කෙනෙක් කාවන්ත කියලා කදු වලින් වටවුන පිටිසර, ලස්සන ගමකට එනවා එහෙ පාරක් හදන වැඩකට. මේ විදිහට ගමේ කාලය ගත කරද්දි, එයා ගම ගැන එක එක්කෙනාගෙන් විස්තර දැනගන්න ගොඩක් උනන්දු වෙනවා. පෙළක් තැන් වලදි හිතෙනවා පාරවල් හදන වැඩේටත් වඩා එයා උනන්දු වෙන්නේ, මේ ගම ගැන විස්තර හොයන්න කියලා.
තවත් පැත්තකින් මේ ගමේ ජිවත් වෙනවා අම්මනි අම්මා කියලා වයසක ගෑනු කෙනෙක්. එයා එක්ක, කතා බහ කරන්න බැරි පොඩි ගෑනු ළමයෙක් ඉන්නවා. අම්මනි අම්මා ලොකු බයකින් වගේ තමයි ගමේ ජීවත් වෙන්නේ. කා එක්කවත් වැඩි ආශ්‍රයක් නෑ.
ඉතින් මේ සිද්දි අතර සම්බන්දයක් Film එක ඇතුලේ ඔයාලට බලාගන්න ලැබෙනවා. එහෙනම් බලලා රස විදියි කියලා හිතනවා.



