CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4454 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 25, 2001France122 Min.
Your rating: 0
9.3 13 votes
Amélie (2001) | විස්මිත දිවිය

මේක ඇවිල්ලා සුපිරි ගනයේ චිත්‍රපට ලොවට දායාද කරන ප්‍රංශයේ බයිස්කෝප් පටයක්! මේ බයිස්කෝප් පටයේ ප්‍රංශ නම “Le Fabuleux Destin d’Amélie Poulain”, ඉංගිරීසියෙන් කියනවනම් The Fabulous Destiny of Amelie Poulain [ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය]. කෙටියෙන් කියනව ”Amélie” කියල. මේක 2001 නිෂ්පාදනයක් වුණාට torrent ජාලයට එකතුවෙලා තියෙන්නෙ 2011 අගෝස්තු 18 වෙනිදයි. මේ බයිස්කෝප් පටයට “IMDb 8.5” වගේ පට්ට පදිරි අගයක් දීල ආයෙ මදි නොකියන්න සළකල තියනව.ඒ වගේම ලෝකේ හොදම සිනමා පට අතර 66 වන තැන ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. Claudie ossard සහ UGC කියන ප්‍රංශ-ජර්මන් සමාගම් දෙකක සම නිෂ්පාදනයක් වන “romantic-comedy” ගණයට වැටෙන මෙම බයිස්කෝප් පටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ “Jean-Pierre Jeunet” කියන ප්‍රංශ ජාතික බයිස්කෝප් අධ්‍යක්ෂක වරයා විසිනුයි. මොහු “The Bunker of the Last Gunshots (1991), The City of Lost Children (1995)” සහ බයිස්කෝප් බලන ඔයාල කවුරුත් හොදට දන්න Alien චිත්‍රපට මාලාවේ “Alien Resurrection (1997)” වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයකර, 55වන ඇකඩමි සම්මාන උළලෙන් සහ යුරෝපීය සිනමා සම්මාන උළෙල මගින් හොදම අධ්‍යක්ෂණය සදහා සම්මානයට පාත්‍ර වෙලා තියනව. ඒ වගේම දැවන්ත චිත්‍රපට මාලාවක් වන “Harry Potter” චිත්‍රපට මාලාවේ, අපේ දුමිඳු දර්ශන සහෝ උපසිරස ගන්වල තියන “Harry Potter and the Order of Phoenix (2007)” බයිස්කෝප් පටය අධ්‍යක්ෂණයට ආරාධනා ලැබුනත් බාර අරගෙන නෑ කියලයි සදහන් වෙන්නෙ. මෙහි ප්‍රධාන චරිතය වෙන “ඇමෙලි පව්ලේන්ට” පන පොවන්නෙ “Audrey Tautou” නැමති ප්‍රංශ ජාතික නිලියක් විසිනුයි. මේ වගේ ප්‍රංශ බයිස්කෝප් වලට සම්බන්ධ අයව අපට වැඩිය හුරු පුරුදු නැති නිසා තමයි හෑල්ලක්ම දිගෑරියෙ ඔන්න. 🙂

දැන් හැරෙමු සීන්කෝන් එක දිහාවට….

“ඕං එකෝමත් එක කාලෙක රපායෙල් පව්ලේන් සහ ඇමන්ඩිනෙ පව්ලේන් කියල දෙන්නෙක් ඉන්නව. ඉතින් මේ දෙන්නට දාව ඇමෙලි කියල හුරතල් කෙලි පැටික්කියෙක් උපදිනව, මේ දෙන්න හරිම අමුතු ගතිගුණ තියන දෙන්නෙක්. ඇමෙලිගෙ තාත්ත රපායෙල්, දොස්තර කෙනෙක් ඉතින් එයාගෙ එක මෝඩ තීරණයක් නිසා ඇමෙලිට පාසල් යන්නත් නොහැකිවෙනව. ඉතින් මේ අතරෙ මේ පුංචි කෙල්ල ටික ටික ලොකුවෙනව. ඔහොම කාලයක් ගෙවීගෙන යනකොට ඇමෙලිගෙ අම්ම මිය යනව. තාත්තත් එක්ක තනියම ජීවත්වෙන ඇමෙලි ලොකු උනාම ප්‍රංශයේ මෞන්ට්මර්ට්‍රෙ කියන නගරෙ අවන්හලක ‍රැකියාවකට යනව. ඔන්න ඔය අතරෙ දවසක් ඇමෙලිගෙ කාමර තිබිල අමුතුම දෙයක් හම්බවෙනව. ඒක ඇමෙලිගෙ ජීවිතේට වෙනස්කම් ගොඩක් අරගෙන එනව. ඒ වගේම අපි හැමෝටම ඔනකරන දේකුත් මෙයාට ලබාගන්න පුලුවන් වෙනව අන්තිමේදි….

සේරම කියන්න බැහැ නොවැ ඉතින්! මෙයාට හම්බවෙන මොකක්ද? ඒක මෙයාගෙ ජීවිතේ වෙනස් කරවන්නෙ කොහොමද? අන්තිමට තනියම ජීවත්වුණු ඇමෙලිට මොකද වෙන්නෙ. මෙයා අන්තිමේදි හොයාගන්න දේ ඇත්තටම අපි හැමෝටම ඕන වෙන දෙයක්ද කියල බයිස්කෝප් එක බාගෙනම බලල ඔයාලම තීරනය කරන්නකො ඔන්න 🙂

මේ වැඩේ ඉක්මනටම ඉවරකරගන්න වගේම මේකෙ තියන සමහර ප්‍රංශ වචන සිංහලට හරවගන්නත් පට්ටම කට්ටක් කෑව. ඉතින් ඒ වගේ හිරවෙලා ඉන්න වෙලාවකදි මට සහය දීපු මා මිත්‍ර “නුවන් තාරක” සොයුරාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව! එයාලගෙ නම්-ගම්, කෑම-බීම එහෙම අපිට හුරු පුරුදු ඒව නෙමෙයිනෙ. ලිපියෙ තියන නම් කියවනකොට ඔයාලගෙත් දිව උළුක් වෙන්න ඇති සමහරවිට. hikz!

තව පොඩ්ඩෙන් අමතක වෙනව මේකෙ පුංචි අයට හොඳ නැති දර්ශන ටිකක් එහෙම තියනව කියල නොකිවුවයි කියන්න එපා ඕං… 😛

Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [වීමා] (Baiscopelk)
IMDb 8.3 /10 792,412 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Audrey Tautou isAmélie Poulain
Amélie Poulain
Mathieu Kassovitz isNino Quincampoix
Nino Quincampoix
Rufus isRaphaël Poulain
Raphaël Poulain
Lorella Cravotta isAmandine Poulain
Amandine Poulain
Serge Merlin isRaymond Dufayel
Raymond Dufayel

Similar titles

Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle
Patrick the Pug (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Big Hero 6 (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oru Yamandan Premakadha (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pathrosinte Padappukal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pyaar Prema Kaadhal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Useless Humans (2020) Sinhala Subtitles
Fearless (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Monkey King (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayyappanum Koshiyum (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paavada (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 11, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published